webnovel

ශ්වේත අග්නි

kim_onara · LGBT+
เรตติ้งไม่พอ
2 Chs

introduction (හැදින්වීම)

"මල්ලි, මට අරූව දීපම්!"

"හහ්?"

"අර කොන්ඩකාරිව මට දීපම්"

"උබ ඔය ඉල්ලන් කන්න යන්නෙ මගෙ අයියන්ඩි..."

ඇස් දෙක ඉස්සරහටම ආව ඒ රූපේ මගේ විතරමයි. නරේන්ද්‍රසිංහ වලව්වෙ පොඩි හාමුගෙ මැණිකෙ වෙන්නෙ උබ විතරයි මගේ රිශී...

.

.

.

.

"උබට කොහෙන් ආපු හයියක්ද වලව්වෙ පුංචි හාමුගෙ බඩු වලට අත තියන්න ම්ම්ම්"

හරි බඩුව ඒක. ලොකු මැණිකේ ගල් කැටවත් ගිලලාද මන්දා මේකා හම්බෙන්න ඉද්දි... පුදුම නපුරුකමක් මේක...සැර කරන්න එපානේ පුංචි හාමූ...සියොත් බයයිනෙ...

"කට නැද්ද උබේ?"

*******************************

කේශ් මේඛල ශක්‍රේන්ද්‍ර පරාක්‍රම නරේන්ද්‍රසිංහ.

වයස 29

ලංකාවෙ ඉහලින්ම අලවිවන වෙලද සංනාමයක හිමිකරුවෙක් වගේම පාරම්පරික රදල පව්ලක වැඩිමහල් දරුවා.

ආධිත්‍ය ප්‍රාණව් යුගේන්ද්‍ර පරාක්‍රම නරේන්ද්‍රසිංහ

වයස 24යි

ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ අවසන් වසර  ශිශ්‍යයෙක් වගේම නරේන්ද්‍රසිංහ රදල පව්ලේ දෙවෙනි දරුවා.

සෘශී ශිහස්න දුර්ගාන් සමරදිවාකර. (රිශී)

වයස අවුරුදු 24යි.

ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ අවසන් වසර ශිශ්‍යයෙක්.

සියොත් සහස්ශ්‍ර ගගුලැල් ජයසිංහ ආරච්චි.

වයස අවුරුදු 20යි.

නිර්ධන පාන්තික පව්ලක වැඩිමහල් දරුවා.

මොන තවුසා වුනත් තමන්ගෙ සංසාරික ණය ගනුදෙනුව හමුවෙ තව දුරටත් සිල් රකීවිද?

නරේන්ද්‍රසිංහ පරම්පරාවෙ අවසන් පුරුක් දෙක තමන්ගෙ ඉරණම්කාරයන්ව හදුනාගනීවිද?

සීතල අයිස් කන්දක් දියකරන්න පුලුවන් ගිනි ජාලාවකට මිස වෙන කාටද?

ඉතින් ආදරේ කියන ගිනි ජාලාව හමුවේ තවදුරටත් දිය නොවී ඉන්න ඔවුන්ට හැකි වෙයිද?

නොසිතූ දිනක අහම්බෙන් මුනගැසුනු අහිංසක දෙනෙතක සහ සරාගී දෙනෙතක මායාවකට හසු වුන රාජකුමාරවරු දෙදෙනකුගෙ  කතාව....

*******************************

කොහොමද ඉතින්... ඕං එහෙනම් අලුත් කතාවක් ගෙනාවා.

යමුද කන්ද උඩරට නිලමෙලගෙ වලව්ව පැත්තෙ...

මේක ඇත්තටම ලියන්න ගත්තෙ මගේ සහෝදරයාගෙ අදහසක් එක්ක darkness_0646❤

මුලින් අපි දෙන්නත් එක්ක ආතල් එකට කතා කරගනිපු ප්ලොට් එකක් තමා අන්තිමට අකුරු වෙන්න පටන් ගත්තේ.🙃

පලවෙනි චැප්ටර් එකත් අරන් මං ඉක්මනට එනකන් කන්ද උඩ ඇවිලෙන ගින්දර නිවන්න වතුර පනිට්ටුවකුත් අරන් එන්න මැණිකෙලා....

එහෙනම් මං ගිහින් එන්නම් බායි වස්තුලා

අද ඉදන් මේකෙන් අප්ඩේට් දෙන්නම්. අනිත් ඇප් එකේ අන්පබ්ලිශ් කලා ටික දවසකට.

bye

kim_onaracreators' thoughts