webnovel

ශ්වේත අග්නි

kim_onara · LGBT+
Not enough ratings
2 Chs

Chapter 01

පිපුනානම් හැඩවී හද විලෙහී පෙම් මල වී

සුවදයි කුමුදිනියේ මගෙමයි

අපි අයේ හමුවෙවිද කවදා මං නොදනී

පුදුමයි හිත මුමුණයි ඔබ ගැනමයි

තව ඉන්න හිතෙනා වැව්බැම්ම මත මා

හාදු තියමි සුළඟට තනියේ

නීල නයන කරකා මාව මගැර බලනා

සොබනා මුනිවත රකිනා

හබළකි වැව සිඹිනා තාලෙට දිය බිඳිනා

සොබනා මුනිවත රකිනා

සොබනා ඔරුවක මල් පුරවා

මල් කුමරුට පිටුපා ඇදුනා

"සෝමා...දැන් ඔය හට්ටි දෙකත් බෑවානම්..."

"එහෙමයි ලොකු මැණිකේ."

"හා හා ඔය බලාගෙන බම් හදිස්සියක් නැතුවා...උබටත් ඉවසීමක් නෑනෙ බොල..."

"සමාවෙන්න අපෙ ලොකු මැණිකේ..."

"හට්ටි බිදුනට නම් කාරි නැතුවා ඒත් උබේ ඔය කලබලේ නිසා උබ ලගදිම හොද අඩව්වක් අල්ලන පාටයි... අර දරු පව්ල ගැන හිතලා හරි පරිස්සමෙන් වැඩ කරපම්."

උදේන්ම අවදි වෙලා දත කට මැදන් මං මුලින්ම කලේ කාමරේ අයිනක තිබුන රේඩියෝ කෑල්ලෙ හඩ අවදි කරපු එක. ලාවට ඇනෙන රැව්ල් කොට අතරින් අතක් අරන් ගිය මම අල්මාරිය ඇරලා කලු පසුබිමේ සුදු පාටින් බතික් කරපු සරමක් අරන් ඇද ගත්තා.

රිද්ම වීරවර්ධන එයාගෙ සොබනා ගැන කියන අතරේ මං ඒ කන්කලු හඩට ඇහුන්කන් දිදීම කුස්සිය පැත්තට ඇවිදන් ගියෙ බඩට මුකුත් දාගන්ඩ හිතාන.

"අපේ අම්මා..."

කුස්සියේ හරි හරියට සෝමා නැන්දා එක්ක දුව දුව ඉදපු අම්මා ලගට ගිය මං මගේ වයස බල්ලට දාලා අම්මගෙ උරහිස උඩින් ඔලුව තියාන උන්නා.

"කේශ්...මොකද දරුවො මේ?"

"ම්ම්"

"බඩගිනි වෙලාද මයෙ කොල්ලට?"

"ම්ම්"

"අප්පච්චි එක්ක ගිහින් කෑම මේසෙට වාඩි වෙන්ඩ ලොකු පුතේ...මං සෝමා එක්ක එන්නං"

අම්මාගෙ පිටිපස්සෙන් ඉදන් ඒ උරහිස උඩ ඔලුව තියාන උන්නු මගේ ඔලුව අතගාන ගමන් අම්මා කෑම මේසෙට යන්න කියද්දි මං කුස්සියෙන් එලියට එන්ඩ ආවා.

ඉස්තෝප්පුව පැත්තට ඇවිදන් යද්දි මං දැක්කෙ වතුර බටෙත් උස්සන් අම්මාගෙ මල් පැල ටිකට වතුර දාන අප්පච්චිව...

"අප්පච්චි.. යං කෑම මේසෙට..."

"උබ පලයම් ලොකු පුතේ..මං මේ ඩිංගිත්තටත් වතුර දාලාම එන්නම්..."

"ම්ම්"

අප්පච්චි මට යන්න කිව්වට මොකද උදේන්ම මූන දෙල් ගෙඩිය කරන් ඉන්න විදිහෙන් මට තේරුනා අදත් පාන්දරම මැණිකෙව අවුස්සගෙන කන පිරෙන්න අහගෙන වගේ. අපේ අප්පච්චි ගෙදර වැඩක් කරනවා කියන්නෙම මොකක් හරි කොස්සක්ම තමා. අප්පච්චි දිහා බලලා කට කොනින් හිනා වුන මම කෑම මේසෙට වාඩි වුනා.

ට්‍රීංං...

"කීයටද එන්ඩ හිතන් ඉන්නෙ උබ?"

"....."

"ම්ම්...ඉක්මනට වරෙන්...අම්මා උදේ ඉදන් පන දාගෙන උයනවා එයාගෙ පොඩි කොල්ලට ගිල්ලවන්න කියලා."

"...."

"හරි පරිස්සමෙන් වරෙන් මල්ලි...තෙරුවන් සරණයි."

ආධිත්‍ය ප්‍රාණව් යුගේන්ද්‍ර මගේ එකම සහෝදරයා. අම්මයි අප්පච්චියි ආධියි කියන්නෙ මගෙ පුංචි පව්ල. රට පුරාම මොන දීපංකරේ ගියත් අවසානේ සැනසීමෙන් හුස්මක් ගන්න මගේ පුංචි කුරුලු කූඩුව.

පාරම්පරික වලව්කාර රදල පැලැන්තියෙ පව්ලක් වුනත් මාන්නයක් කියා පොඩිමවත් ලොකුකමක් ගෑවුන නැති දෙමාව්පියො දෙන්නෙක් මට ලැබුන එක ගැන මං අදටත් දහස් වාරයක් දෙවියන්ට ස්තූති කරනවා.

අපි හතර දෙනාගෙ පුංචි පව්ල ඇතුලේ තවත් මුදුන් මුල් දෙකක් තාමත් හුස්ම ගත්තා. හේවගේ ආරච්චිලාගෙ බිසෝ මැණිකෙ කුමාරිහාමි මගේ අත්තම්මා වෙද්දි  කෝනාර හෙන්ඩ්‍රික් පරාක්‍රම නරේන්ද්‍රසිංහ මහ නිලමේ මගේ සීයා වුනා.

කියන්න තරම් වරදක් නැති වුනත් වලව් මාන්නේ කියන දේ ඉහ උඩින්ම තියාගෙනයි ඒ දෙන්නා ජීවත් වුනේ. අපේ අප්පච්චි දවසක්  කියනවා මට ඇහුනා අපේ අම්මා අහිංසා ද්වාර්වි පරාක්‍රම නරේන්ද්‍රසිංහ මේ ගෙදර ලොකු ලේලි වෙලා ආපු මුල් කාලෙ අත්තම්මයි එයයි අතරෙ හරි හරියට ප්‍රශ්න ඇති වුනාලු.

ඒත් දැන්නම් අම්මායි අත්තම්මායි සහයෝගයෙන් ඉන්නවා. සීයානම් වැඩිය කතා බහක් නැති මනුස්සයා. හරිම ගුප්තයි. ඒත් අපේ අප්පච්චි කියනවා මායි මල්ලියි සීයා වගේලු හැදිලා තීන්නෙ. සමහර විට එහෙම වෙන්නැති.

"ලොකු පුතා...මොනවද දරුවො කල්පනා කර කර කෑම එක අතගාන්නෙ? ගෙදර ඉන්න දවසටවත් බඩ කට පිරෙන්න කන්ඩකො දරුවො.."

"ම්ම්"

"මං කවන්ඩද මයෙ පුතාට?"

අම්මා අහද්දි ඉබේම මගේ මූන එලිය වැටුනා. අතේ තිබ්බ බත් පිගාන අම්මාගෙ අතට දීපු මං අත හෝදගෙන පුටුව එයා ලගට ලං කරන් වාඩි වුනා.

"අනේ ඉතිම් අම්මාගෙ නාකි හුරතලේ..හහ්.."

අම්මා උදේ ඉදන් අප්පාච්චි එක්ක වචනයක් වත් කතා නොකර හිටියා වෙද්දි කෑම මේසෙට ඇවිත් වාඩි වුන අප්පච්චි මට විහිලු කරන්න පටන් ගත්තා. අම්මා නෙමෙයි ඒ දිහා බැලුවෙවත්. මාත් අප්පච්චිව තඹ සතේකට මායිම් නොකරද්දි අප්පච්චි කට පියාගෙන වාඩිවෙලා තනියමම බත් බෙදාගන්න ලෑස්ති වුනා.

"කෝ දෙන්න..."

මට කවන ගමන් ඉදපු අම්මා ඉදුල් අත හෝදගෙන අප්පච්චිගෙ අතේ තිබ්බ පිගාන උදුරලා අරන් අප්පච්චිට රවද්දි මේ දෙන්නගේ සමයං බලන් උන්නු මට තනියම හිනා ගියා.

"ඔය ඇති අපේ මැණිකේ..."

අම්මා බත් එක බෙදලා ඉවර වෙද්දි අප්පච්චි සද්ද නැතුව පිගාන අතට අරන් කන්න පටන් ගත්තා.

"කෝ එන්ඩ මයෙ පුතා ඉතුරු ටිකත් කන්ට..."

අම්මා ආයෙම මට කවන්න ගද්දි මං හරි ආසාවෙන් කෑම ටික කාලා ඉවර කලා.

උදේ කෑමෙන් පස්සෙ අම්මා ආයෙමත් කුස්සියෙ යුද්ධෙ පටන් ගනිද්දි අම්මාගෙ ප්‍රධාන සෙබලිය වුන සෝමාත් හරි හරියට දුවන ගමන් කුස්සියත් එක්ක යුද්ධ කලා.

දෙතුන් වතාවක්ම ඉස්තෝප්පුවට එබුන මං ආයෙම කාමරේට ඇවිත් පොතක් එක්ක තනි වුනා.

පොතක් කියන්නෙම වෙනම ලෝකෙකට අරන් යන මායාවක් වෙද්දි අවසන් පිටුවට එනකන් වතුර වීදුරුවක් බොන්නවත් කාමරෙන් එලියට නොයා ඉන්න මගේ හිත මටම තහන්චි දැම්මා.

"ආවෝ....ආවෝ....ලොකු මැණිකේ.....ලොකු හාමූ....අපේ නිලමේ.....කුමාරි හාමී....ආවෝ....

පොඩි හාමූ...."

අප්පච්චිගෙ කාර් එක හෝදන ගමන් ඉදපු සුදු අප්පු මහ හයියෙන් ලතෝනි තියන්න ගත්තු පාර මගේ දැහැන ඉබේම බිදුනා. මේ මිනිහට මක්ක වෙලාද එපාර?

"අයියන්ඩීයෝ....."

ඊලගට ඇහුන කටහඩත් එක්ක මං ඇදෙන් නැගිට්ටෙ ඉද්ද ගැහුවා වගේ. මයේ පොඩි එකා ගෙදර ඇවිත්. මං පොත පැත්තකට දාලා ඉස්තෝප්පුවට දුවන් යද්දි තව කොහෙ හරි ඉදන් දුවන් ආව අප්පච්චි මගේ ඇගේ හැප්පුන පාර මල්ලි ගාවට ඇවිදන් යන ගමන් ඉදපු අම්මාගෙ ඇගට අප්පච්චිව පතබෑව්නා.

"දඩහ්"

අම්මාව යට කරන් අප්පච්චි වැටුනත්  ඔලුව බිම නොවදින්න අම්මාගෙ ඔලුව අතින් අල්ලගත්තු අප්පච්චි අනිත් අතින් එයාගෙ කොන්ද අල්ලගත්තා.

අත් දෙකේ බෑග් දෙකක් එල්ලන් ඉස්තෝප්පුවට අඩිය තියපු මල්ලි, බිම ඉදපු අම්මාවයි අප්පච්චිවයි දැකලා කටත් ඇරන් මං දිහා බැලුවා. මං ඔලුවට අතත් ගහගෙන මල්ලි දිහා බැලුවා.

"අපේ අප්පච්චි... මක්ක කරනවද බිම දිගාවෙලා...කෝ...කෝ...වයසට නෙමේ උබලත් දුවන්න තියාගත්තා මෙතන. තව ඩිංගිත්තක් එහා මෙහා වුනානම් අම්මාගෙ ඔලුවත් වදිනො...මල්ලි ඔන්න අල්ලපම්... ඔය පැත්තෙන්"

අම්මා මූනත් සත පහා කරන් අප්පච්චිව අත් දෙකෙන් තල්ලු කරලා කොන්දත් අල්ලන් නැගිටින්න හදද්දි මායි මල්ලියි ඒ දෙන්නට නැගිටින්න උදව් කලා.

"සීවරම් දෙයියනේ....මගේ පොඩි එකා ඇවිත්...වරෙන් කොල්ලො අත්තම්මා ලගට..."

ඔසරි පොටත් බෙල්ලට දාගත්තු අත්තම්මා මල්ලිව දැකලා අපි ලගට එද්දි අම්මායි තාත්තායිත් කොන්දේ අමාරුකම් පැත්තක තියලා මල්ලිව වට කරගත්තා. යකෝ මූත් නිකන් අවුරුද්දට සැරයක් පෙන්නන වෙසක් තොරණ වගේ. සේරමල්ලා වට කරන්.

"අනේ මගේ කොල්ලා කෙට්ටු වෙලා ගිහින් අහිංසෝ මේ බලපම්කො..."

"ඒකනේ අපේ අම්මා...කොච්චරවාත් කනවා ඇත්තෙ කඩ කෑමනෙ...පව් දෙයියනේ මගෙ රන්කද.."

"මං ඒකනේ බම් කිව්වෙ ඔය විස්ස විද්‍යාල කෙරුවාව නතර කරලා අපේ නිලමෙට උදව් වෙන්න කියල"

"කොල්ලා ආව විතරයි අපේ අම්මා...ඒකට මහන්සි අරින්ඩවත් දෙන්නැද්ද උබලා?"

අත්තම්මා පරන තැටිය ගහන්න පටන් ගද්දි අප්පච්චිට මල යකා ආවේස වුනා. මීට අවුරුදු තිහකට කලින් මොරටුවේ ඉංජිනේරු පීඨයට තේරුනත් අප්පච්චිට එහේ පස්වත් පාගන්න අත්තම්මායි සීයයි ඉඩ නොදුන්නු එක ගැන අදටත් අප්පච්චි හිතේ අමාරුවෙන් උන්නෙ.

"මල්ලි, මෙහෙ වරෙන් පොඩ්ඩක්"

"උබ ලගට නැතුව මං වෙන කොහේ යන්නද බොසා...වරෙන් බදාගන්න."

අම්මා අප්පච්චිලා පොඩ්ඩාගෙ බෑග් ටික අරන් ගෙට එද්දි පොඩ්ඩා දුවන් ඇවිත් මගේ කරේ එල්ලුනා.

"කරවල වාඩියක ඉදලද ආවෙ බල්ලො? ශීහ් විතරක් මේකාගෙ ගද..."

"අනේ උබට හෙන ගහනවා අයියන්ඩී... ජපුරේ සිහින කුමරාට කියන බලු කතා බලපම්කො ඉතිම්... "

"ඕං පටන් ගත්තා සන්නි නටන්න...  මැණිකෙ...ඔන්න මං අද කිව්වා කියලා මතක තියාගන්ඩ. මුන් දෙන්නා ආයේ වලව්වෙන් යද්දි මේක ඉලව්වක් නොකලොත් මං මේන් මේ කන කපලා ලැමිනේට් කරලා සාලෙන් එල්ලනවා."

"ඊයා"

එහෙම කිව්ව අම්මා අප්පිරියාවෙන් අප්පච්චි දිහා බලලා ගස්සගෙන කුස්සියට ගියා. මායි මල්ලියි කරට අත දාන් හිනා වෙවී බලන් උන්නා.

මේක ඉතින් අදක ඊයෙක ඉදන් නෙමෙයි උපන් දා ඉදන්ම දැකලම මටයි මල්ලිටයි දෙන්නටම වෙලාවකට හරි ලෝබයි අම්මාගෙයි අප්පච්චිගෙයි මේ බැදීම ගැන.

ඒ දෙන්නා රන්ඩු වෙන්න ගියාම පොඩි උන්ට අන්තයි. ඒත් ජීවිතේ හැම අමාරු කාලෙකදිම රූස්ස ගහක් වුන අප්පච්චිට ලිය වැලක් වුන මගේ අම්මා හරි ආදරෙන් හයියක් වුනා. ඒක මං වගේම මගේ මල්ලිත් ඇස් දෙකෙන්ම දැක්කා.

මොන තරම් වත් පොහොසත්කම් තිබුනත් මිනිස්සුන්ට ප්‍රශ්න එනවමයි. ඉතින් කාලයක් අපි හතර දෙනාටත් කාගෙ හරි ඇස් වහක් වැදුනා. ඒ කතාව පස්සට...

"වෙලාවකට මට හරි ඉරිසියයි බම් අයියේ "

"ම්ම්ම් මටත් පොඩ්ඩො..."

මං ආධිගෙ කොන්ඩෙ අව්ල් කරලා පිටට තට්ටුවක් දැම්මා.

"සුදු අයියේ..."

ඒ අතරේ අපේ ලොකු නැන්දාගෙ දෙවෙනි දුව වුනු ලිහංසා කොහේදෝ මන්දා ඉදන් දුවන් ඇවිත් මාවත් තල්ලු කරන් අපේ මල්ලිගෙ කරට පැන්නා.

"පලයම් අහකට!!"

කරට පැන්නට මොකද පැන්නට වැඩි වේගෙන් අපේ පොඩ්ඩා ඒකිව තල්ලු කලා. අම්මාගෙ පොඩි ලේලි වෙන්නනෙ උන්දෑ ඔය හැටි නැහෙන්නෙ. හැබැයි අපේ එකාට නයාට අදුකොල වගේ ඒකි. මගේ උනත් ඒ හැටි මනාපයක් නෑ ඔය මංගල්ලෙට.

ලිහංසා ආව වෙලේ ඉදන් මල්ලි කාමරේට ගිහින් දොර වහගත්තා වහගත්තමයි හ්ම්ම් නෑ. ඒත් ලිහංසානම් මල්ලිගෙ කාමරේ දොරටත් ගහ ගහ ඉදලා අන්තිමේ අත්තම්මට කේලම කිය කිය අඩනවා මට ඇහුනා. පෞ දෙයියනේ පොඩ්ඩා ගෙදර ඇවිල්ලත් සැනසීමක් නෑ.

ඒකෙන් වුනේ අන්තිමේ දවල් කෑම එක වගේම රෑ කෑම එකත් මල්ලිගෙ කාමරේට යවන්න වුන එක. අම්මායි අප්පච්චියි කොච්චරවත් මල්ලිට කෑම මේසෙට කතා කලත් මල්ලි කලේ වචනයක්වත් නොකියා ඉදපු එක වෙද්දි මල්ලි වෙනුවෙන්ම හදපු කෑම මේසේ දිහා බලන් අම්මා, අප්පච්චිට තුරුල් වෙලා හීල්ලුවා.

"අනේ අත්තම්මා...ආධී අයියාට එන්න කියන්නකො...බලන්නකො අපේ අම්මා... මං කොච්චර දවස් බලන් හිටි..යද එයා එ...නක..න්.... අනේ ...එන්..න කියන්..නකෝ.."

"නාඩා ඉදින් නාඩා ඉදින් පොඩි දෝණි... අයියන්ඩිට විඩාව වෙන්ඩ ඇති ඔය කොලොම්පුරේ ඉදන් නුවරට ගාටලා... ඇරත් උබ බය නොවී ඉදහම්... මේ අත්තම්මා උබව මයේ පොඩි කොල්ලට බන්දලා දීලා මිසක් මැරෙන්නෑ රත්තරනෙ..."

අදත් හැමදාම වගේ අත්තම්මාගෙ තීරණ හමුවේ අම්මා අප්පච්චි නිහඩව බලන් ඉද්දි මට පුදුම තරම් කලකිරීමක් ඇති වුනා.

"අත්තම්මා, මල්ලි දැන් පොඩි එකෙක් නෙමෙයි. ඌගෙ ජීවිතේ ගැන ඌ තීරණය කරාවි...උබටවත් මටවත් අයිතියක් නෑ ඌගෙ මංගල්ලෙ ගැන තීරණය කරන්න අපේ අත්තම්මා.."

වලව් මාන්නෙන් ඔලුව උදුම්මන් ඉන්න අත්තම්මා ලිහංසාගෙ ඔලුවත් නරක් කරද්දි මං මගේ මල්ලි වෙනුවෙන් හඩ නැගුවා. ඒ කරලා අතේ තිබ්බ වතුර වීදුරුව සද්දෙට වදින්න මේසේ උඩින් තියාපු මම කාමරේට යද්දි හැමෝම නිහඩ වුනා.

හරි ලස්සනට ගෙවෙන්න තිබ්බ දවසක් මූසල විදියට ඉවර වෙද්දි මල්ලි එයාගෙ කාමරේ නිහඩව උන්නා. මං මගේ කාමරේ නිහඩව උන්නා. අම්මා අප්පච්චි එක්කලා නිහඩව උන්නා. ලොකු නැන්දාගෙ හැතිකරේ ලොකු කරගත්තු අත්තම්මා උන් එක්ක වලව්වෙ ජෝගි නැටුවා.

.

.

.

"මහනුවර- දිගන බස් එකේ නැගපම්.."

"..."

"හරි බම් කුන්ඩසාලෙන් බැහැලා කෝල් එකක් ගනිම්"

"...."

"හා හා හරි හරි ලොකේශන් දාන්නම් මං..."

"..."

"ම්ම් පරිස්සමට වරෙම්...බුදුසරණයි "

"කව්ද මල්ලි ඒ?"

"න්‍යාශ්ටික බෝම්බයක්"

"හහ්?"

*******************************

🌾 බෝම්බයක් ඇවිත් කියන්නෙ ඕං...

🌾කවුරු වෙන්න ඇත්ද ඒ?🔥

🌾අත්තම්මා හරියට හිතනවා නේද එයාගෙ පොඩි මුනුපුරා ගැන...හරිම ආදරණීයයි...

🌾ආධිට ලිහංසාව දෙමු ඔන්න ඔහේ...

මෙහෙ වරෙව් වෙඩින් කාඩ් ගහන්න.😌

බෝම්බෙත් අරන් ආයෙ ඉක්මනටම එන්නං... රීඩින් ලිස්ට්වලට දාලා තියාගම්න...බුදුසරණයි මැණිකලා....❤

Bye....

Have some idea about my story? Comment it and let me know.

kim_onaracreators' thoughts