webnovel

හිමි අහිමි [Himi Ahimi ]

නුඹ නිසා දැවුණි..... නුඹෙන් මා නිවෙමි......

Mandy_129 · LGBT+
Peringkat tidak cukup
8 Chs

06

Day 03

"මහියා.... උඹ මේ දවස් දෙක තුනේම කොහෙද මිසින් වෙලා හිටියේ....???"

රතු.....නිල්.....දම්.....සුදු..... තප්පරෙන් තප්පරේට මාරු වෙන නියෝන් එළි මැද්දෙ කට්ටිය මේ එකතු උනේ දවස් ගාණකින්..... ඉරංගගේ ප්‍රශ්නේ නෑහුණු ගාණට මහිත් මත්පැන් කවුන්ටරය දිහාට අඩිය තිබ්බා...

අවුරුදු 20ට අඩු සාමාන්‍ය පුද්ගලයොන්ට Club 8 එකේ දොරකඩටවත් එන්න බැරි වුණාට මේ Platinum Card හිමිකාරයෝ හතර දෙනාට නම් ඒ නීතිය වලංගු වුණේ නෑ.....

ප්‍රබල ඇමතිවරයෙක්ගේ පුතෙක් නිසා සවින්දට මේ ක්ලබ් එකේ දොරවල් නිකම්ම ඇරෙද්දි....සවින්ද මාර්ගෙන් අනික් තුන් දෙනාටත් Platinum Card හිමිවුණා....

"මොනාද ගන්නේ මහියා....."

"One Long  Island  Please....උඹට මොනවද නිකියා...."

"මට අද ස්ට්‍රෝන්ග් එපා මහියා.... ඩැඩී ගෙදර අද... Gimme an Espresso Martini"

"One Jack N Coke And One Cosmopolitan Please ...."

ඇණවුම ලබාගත්තු හුරුබුහුටි පෙනුමැති තරුණයා කඩිසරව අත් එහෙ මෙහෙ කරමින් වැඩේ කරන දිහා මහිත් කල්පනාවෙන් බලාගෙන හිටියා.....

උස වීදුරුවකට අයිස් කැට පුරවලා ඒකට ටකීලා (tequila )අවුන්ස බාගයක් , වොඩ්කා(vodka) අවුන්ස බාගයක් , රම්(rum) අවුන්ස බාගයක්, ජින්(gin) අවුන්ස බාගයක්, ට්‍රිපල් සෙක්(triple sec) අවුන්ස බාගයක්, ස්වීට් ඇන්ඩ් සඅර්(Sweet & Sour) මික්ස් එක; අන්තිමට කෝක්(Coke) එකක් දාලා.....ග්ලාස් එකට දෙහි පෙත්තක් සවි කරලා උඩින් මින්ට් කිනිත්තක් දාලා හැඩ කරපු Long Island Iced Tea එක අතට ගත්තු මහිත් බාර්කවුන්ටර් එකේ තිබුණු උස පුටුවකින් වාඩි වුණා.....

ලොකු හෙඩ්සෙට් එක බෙල්ලේ දාගත්තු DJ වාදකයා අහට මෙහෙට ඇඹරි ඇඹරි Post Malone ගේ Rock Star සිංදුව වාදනය කළා.... ඇඟිල්ලක් එහෙ මෙහෙ කරන්න ඉඩ නැති තරම් මිනිස්සු..... නා නා ප්‍රකාර ගෑණු , පිරිමි.....කළු, සුදු, මහත, කෙට්ටු භේදයක් නැතුව ඇඟවල් වල ඇතිල්ලි ඇතිල්ලි නටනවා.... අහු මුළු ගානේත් මහ සෙනඟ මැද්දෙත්.... ගෑණු -පිරිමි... ගෑණු -ගෑණු..... පිරිමි -පිරිමි.....අතොරක් නැතුව සිපගන්නවා.....

I've been fuckin' hoes and poppin' pillies

Man, I feel just like a rockstar (ayy, ayy)

All my brothers got that gas

And they always be smokin' like a Rasta

Fuckin' with me, call up on a Uzi

And show up, man, them the shottas

When my homies pull up on your block

They make that thing go grrra-ta-ta-ta

අතරින් පතර කළු නිළ ඇඳුමට උඩින් කහ පාට නිළ ජැකෙට්ටුව දාගත්ත ආරක්ෂක නිළධාරීන් එහෙ මෙහෙ යන්නේ....ගැටලුකාරී තත්වයක් ආවොත් පාලනය කරන්න සූදානමින්....

කලු කලිසමට කලු අත් දිග ස්ලිම් ෆිට් ශර්ට් එකක් ඇඳන් උන්නු මහිත් ශර්ට් එකේ අත් වැලමිට වෙනකම් නවාගෙන, බොත්තම් 4ක් 5ක් පන්නල තිබුණෙ පපුව හොඳින් නිරාවරණය වෙන විදියට.....පපුව මැදට වෙන්න වැටුණු රිදී පාට මාලයක්, එක් අතක කෝක්ටේල් එකත් අනික් අත බාර් කවුන්ටර් එක මත තියාගෙන දැඩි බැල්මකින් වටපිටාව බලපු මහිත්ව පෙනුනේ.... මාෆියා කල්ලියක නායකයෙක් වගේ.....

"ඈ බං මහියා....උඹට අපිට මේ ටිකේ සෙට් උනේම නෑනේ....මොකද අපිට හොරා ගේමක්වත්ද....?"

"දවස් දෙකයිනේ යකෝ හම්බුනේ නැත්තේ....'

"තව දවස් හතරයි මහියා....මතකනේ බෙට් එක....."

"ම්ම්ම්..... මට මතකයි හුත්තෝ.....Short Term Memory Lost නෑ මට....."

යාලුවන් එක්ක කතා කරන ගමන් තවත් Negroni වීදුරුවකුත් අන්තිම වශයෙන් Tequila වීදුරුවකුත් ගන්නකොට මහිත්ට බඹර පදම ඇවිත්.....

"Hey Handsome...."

බාර් කවුන්ටරයේ උන්නු මහිත් ලඟට ආව සරාගී පෙනුමැති තරුණිය මහිත්ගේ කමිසය මිරිකමින් කණට ළංවෙලා කතා කළා.....

"Hey Lovely.... You Wanna Have a Drink....??"

"What would You Offer Me DADDY ???..."

රාත්‍රී සමාජ ශාලාවක් කියන්නෙම වෙනමම ලෝකයක්.... විවිධාකාර මත්පැන්.... ඊට අමතරව කුප්‍රකටව එහා මෙහා වෙන හෑෂ් කුට්ටි..... බව්වා ශොට් එකක්... මෙත් පැකට් එකක්....LSD මුද්දරයක්.... පාට පාට මන්දාකිණියක ට්‍රිප් එකක් යන්න පුලුවන් හැම විදියකම මත්ද්‍රව්‍ය... එතනින් එහාට කම් සැප වෙනුවෙන්ම.....ගෑණු ...පිරිමි.... සංක්‍රාන්තිකයෝ.....එකී මෙකී නොකී හැම දේකින්ම පිරිලා තිබුණෙ..... මතුපිට ලෝකෙදි විඳින්න ආශාව තිබුණත් අවස්තාවක් නැතිකමින් හිර කරගෙන ඉන්න එක එක අඳුරු ආශාවන්..... (Dark Desires) විඳින්න අවස්තාව සලස්වමින්...

"Gimme a Good Ride Daddy..."

සරාගී කෙඳිරුමකින් මහිත්ගේ කණට කොඳරපු තරුණිය අතේ තිබුණු කැනබීස් සිගරැට්ටුව පත්තු කරගත්තා.... වීදුරුවේ ඉතුරු වුණු Tequila ටික උගුරට දෙකට ගිලපු මහිත් නිකිත්ට සංඥාවක් දුන්නේ ක්ලබ් එකේ ඉහල මාලය පෙන්වමින්..... මේ වෙනකොටත් සවින්ද ත් ආගිය අතක් හොයාගන්න නෑ... ඉරංග නම් බාර් කවුන්ටරයේ පැත්තක හුරුබුහුටි බාර්ටෙන්ඩර්වරයෙක් එක්ක බරපතළ වැඩක්.....

ආගන්තුක තරුණියවත් ඇදගෙන හිස් කාමරේකට රිංගපු මහිත් කාමරේ දොර වහලා දැම්මා... තවමත් ඇවිලෙන කැනබීස් සිගරැට්ටුවෙන් දුම් උගුරක් ඇදපු තරුණිය දිහා තොල් තෙත් කරමින් බලපු මහිත් ඇයගේ බෙල්ලෙන් අල්ලගෙන ළඟට ඇදගෙන තොල් සිපගන්න ගමන් කැනබීස් දුම හුවමාරු කරගත්තා.....

ඇගේ උඩු තොල, යටි තොල....දිව.... හැමතැනම අණසක පතුරමින් මහිත් සිපගැනීම තව තවත් දීර්ඝ කලා.... තරුණියගේ වම් අත මහිත්ගේ බෙල්ල පිටුපසටත් දකුණත ශර්ට් එකෙන් මතු වුණු පපුව පුරාත් එහෙ මෙහේ යමින් සෑම සිපගැනීමකටම උත්තේජනයක් දුන්නා.... අතරින් පතර හුස්මක් ගන්න විතරක් නවත්තපු සිප ගැනීම විනාඩි ගණනක් ඇදුණා....

සිපගැනීම නතර වුණු මොහොතෙදිම මහිත්ව කාමරය මැද තිබුණු ඇඳට තල්ලු කරපු තරුණිය කමිසයේ ඉතුරු බොත්තම් කීපයත් පන්නලා මහිත්ගේ පපුවට පහත් වෙලා පපුව පුරා දිවෙන් රටා අඳින්න පටන් ගත්තා.....

........................

Day 04

"අහ්ම්.....අර්...ම්ම්...."

ඔලුව පුපුරන්න තරම් කැක්කුමක් එක්ක ගල් ගෙඩි දෙකක් එල්ලුවා වගේ බර ඇහි පිහාටු හෙමින් හෙමින් විවර කරද්දි මහිත්ට කෙඳිරි ගෑවුණා...

"අහ් ...ශිට්....ෆකින්ග් හෙඩ්..."

නළල දෙපැත්ත එක අතක ඇඟිලි තුඩු වලින් පොඩි කරමින් අනික් අතින් ඇඳ අතපත ගාපු මහිත් තමන්ගේ දුරකතනය හෙව්වා.....

දුරකථනය අතට අරන් වෙලාව බලපු මහිත් ඊළඟට ඇඳේම ඉඳගෙන මුහුණු පොතේ ඉහළ පහළ යන්න ගත්තා.....ආයෙමත් යමක් මතක් වුණු මහිත් සෙවුම් තීරුවෙ සනුත්ගේ නම ටයිප් කලා.....

Sanuth Yuhansa යන නමෙන් විවිධ පුද්ගලයන් කීප දෙනෙක්ගේ ප්‍රොෆයිල් ආවත් පැතිකඩ පින්තූරය දැක්ක ගමන් සනුත්ගෙ ප්‍රොෆයිලය හොයාගන්න මහිත්ට පුලුවන් වුණා....

සනුත්ට මිතුරු ඇරයුමක් යවපු මහිත් ප්‍රොෆයිල් එකේ පහලට යමින් සනුත්ගේ ටයිම් ලයින් එක බලන්න වුණා..... එහෙම යද්දි තිබුණු වීඩියෝ එකක් දැකපු මහිත් ඒ වීඩියෝව ප්ලේ කළා... මූණක් නොපෙනෙන විදියට පටිගත කරපු වීඩියෝවේ තිබුණේ කෙනෙක් ගිටාරයක් වාදනය කරමින් කියන ගීතයක්.....

Could you find a way to let me down slowly?

A little sympathy, I hope you can show me

If you wanna go then I'll be so lonely

If you're leavin', baby, let me down slowly

Let me down, down, let me down, down, let me down

Let me down, down, let me down, down, let me down

If you wanna go then I'll be so lonely

If you're leavin', baby, let me down slowly

ඒ කටහඬ අදුනගන්න මහිත්ට අමාරු වුණේ නෑ....විවිධ අලංකාර එකතු කරමින් ඉහළ ස්වර , පහල ස්වර ගාණට දෝලනය කරමින් ගීතය ගායනා කරන සනුත්ගේ කටහඬ හරිම ලස්සනට ඇහුණා....

"Woow..... He is talented ...."

මහිත් තමන්ටම කියාගත්තා...

........................

නාන කාමරේට වැදුණු මහිත් පැයක් විතර හොඳට නාගත්තා.....ඊයේ බීපුවගේ සැරටත් වඩා සීරුණු නියපොතු පාරවල් නිසා මුළු ඇඟම දැවිල්ල වතුර ගෑවෙද්දි දැවිල්ල ඇල්ලුවත්....උණු වතුරෙන් නාද්දි තරමක් සනීපයක් මහිත්ට දැණුනා .....

ඉණ වටේ තුවාය පටලන් නාන කාමරෙන් එළියට ආව මහිත් ඇඟේ බේරෙන වතුර බිංදු උඩින් පල්ලෙන් පිහදා ගත්තා.... ලා නිල් පාට ශර්ට් එකට ක්‍රීම් පාට ට්‍රවුසර් එකත් ඇඳගත්ත මහිත් තමන්ගේ ප්‍රියතම විලවුන් එක වුණ ENIGMA - Bleu Imperial එකෙන් ස්ප්‍රේ කරගත්තා....

වුඩී ඇරෝමා එකක් එක්ක ලෙමන්, මින්ට්, පිච්ච මල් සහ මිදි වල සුවඳ එකතුවකිනුත්....අවසානෙට එකතු වෙන රෝස ගම්මිරිස්, සාදික්කා වගේ මිශ්‍රිත ඖෂධීය සුවඳක් කවපු මේ විලවුන් එකේ මේ ආවේණිකම සුවඳ කාමරය පුරාම පැතිරෙන්න ගියේ තත්පරේකටත් වඩා අඩු කාලයක්.....

අත් ඔරලෝසුවත් පැලඳගෙන වොලට් එක , ෆෝන් එක අතට ගත්තු මහිත් අව්කණ්ණාඩිය අරගෙන කමිසයේ විවර කරපු බොත්තමක් අතර රඳවගත්තා... කාර් එකේ යතුර දකුණතේ දබරඇඟිල්ලට දාගෙන කරකවමින් පඩිපෙළ බැහැගෙන පහළට ආව මහිත් හිටිතැනම නතර වුණේ විසිත්ත කාමරේ දිහාවෙන් ආව අණ කිරීමට....

"මහිත්..... Come here.....Where Are You Going ?.."

"Gonna Meet Nikith Daddy..."

මේ වතාවේ මහිත් ඩැඩීව දකින්නේ සති තුනකට විතර පස්සේ නේද කියලා කල්පනා කරන ගමන් පර්සි රේමන්ඩ්ට උත්තර දුන්නා...

"රස්තියාදු ගහලා මේ පාරත් එක්සෑම් ඩවුන් වෙන්නද හදන්නේ.... පණ්ඩිතකමට මැත්ස් කරන්න ගද්දි මම කිව්වා....ලේසි ස්ට්‍රීම් එකකින් කරන්න කියලා.."

".........."

"I don't care whatever you're doing.... But remember One thing.... ඒලෙවල්ස් ඩවුන් වුණ කෙනෙක්ට බෑ....මගේ කම්පැණි එකේ ඕව්නර් වෙන්න..... තමුන්ට වඩා හොඳට ඉගෙනගත්තු ඩිග්‍රිකාරයෝ ඉන්නවා මේකේ පහලම පෝස්ට් වල.....

ඒ වගේ Employeesලාව මැනේජ් කරන්න නම් තමුන් අවම ඒලෙවල්ස් පාස් කියන කොලිෆිකේශන් එකවත් ඕනි...තේරුනාද.....?"

"යෙස් ඩැඩී ...."

"හ්ම්ම්....තේරුනානම් ඔය ටික ඔලුවෙ තියන් වැඩ කරනවා.... "

"ඕකේ ඩැඩී...."

"ආ.. තව දෙයක්.... නෙක්ස්ට් වීකෙන්ඩ් එකේ ජයනාත් අංකල්ලත් එක්ක ඩිනර් අවුට් එකක් තියෙනවා....මිතුනි කියන්න ඇතිනේ...."

"කිව්වෙ නම් නෑ ඩැඩී.... කිව්වා නොකිව්වා වෙනසක් නෑ....කොහොමත් යන්න වෙනවනෙ... I have to go daddy...."

කාර් එක ප්‍රධාන පාරට දාපු මහිත් මුලින්ම ගියේ බයික් එක හදන්න දුන්නු ගැරේජ් එකට..... බල්ලා පැනපු දවසේ පාර දිගේ ඇදිලා ගියපු නිසා බයික් පැත්තක් සීරිලාම තිබුණා.....කාලෙකින් සර්විස් නොකරපු නිසාමත්...සීරුම් පාරවල් අලුත්වැඩියා කරලා Full Service කරන්න කියපු මහිත් ඊළඟට නිකිත්ට ඇමතුමක් ගත්තා....

දෙතුන් වතාවක් නාද වුණු නිකිත් ගේ දුරකතනය ඊළඟට නිහඬ වුණා..... කාර් එකේ බඳට හේත්තු වුණු මහිත් අහස දිහා බලමින් බර සුසුමක් හෙලුවා....

ඇත්තටම මහිත් ඉන්නේ හිතේ නොසන්සුන් කමකින්.... ඩැඩීත් එක්ක වෙන හැම කතාබහක් අතරමඟත්, කතාබහ අවසානෙදිත් තමන්ගේ හුස්ම හිර කරන හැඟීමක් දැනෙන්න ගත්තේ අද ඊයෙක නෙවේ කියලා මහිත් දන්නවා.....

අම්මගේ මරණයත් එක්කම..... මහිත් වෙනස්ම චරිතයක් බවට පත් වුණා..... එක අතකින් තමන් හිතින් මවා ගත්තු උසාවියක නඩු අහපු මහිත්....තමන්ගේ ලෝකෙම වුණ අම්මගේ මරණෙට නිහඬ වැරදිකාරයෙක් විදියට පර්සි රේමන්ඩ්ව නම් කළා...

සල්ලි උඩ පීනන්න තරම් ධනස්කන්ධයක් හම්බ කලත් හිතේ හැටියට සැප සම්පත් තිබුණත්..... අම්මාව මරණෙන් බේරගන්න ඩැඩීට බැරිවුණු එකත්;අම්මාගෙ අවසන් මොහොතෙදි ඩැඩීට කිලෝමීටර දාස් ගාණක් දුර රටක ව්‍යාපාරික රැස්වීමක කාර්‍යබහුල වීමත් කියන හේතු නිසා.... අම්මගේ මරණෙට ඩැඩී කියන්නේ ඍජු හේතුවක් විදියට මහිත් දකින්න ගත්තා.....

ඉතින් එදායින් පස්සේ ඩැඩී දකින , කතාබහ කරන හැම මොහොතෙම..... මේ අම්මගේ මරණයට වැරදිකාරයෙක් කියන හැඟීම දැනෙන එක නවත්තගන්න මහිත්ට බැරි වුණා...

කාර් එකට හේත්තු වෙලා උන්නු මහිත් හදිසියේම ආව සිතුවිල්ලක් නිසා කාර් එකට නැගලා වාහනය පණ ගන්වාගත්තා.....

..........................

.....මතුවට හමුවෙන තුරු........

Have some idea about my story? Comment it and let me know.

Mandy_129creators' thoughts