webnovel

ස්ටාලින්ග්‍රැඩ්.

1941 ජූනි 22 දින ආරම්භ වූ ඇඩොල්ෆ් හිට්ලර් විසින් ස්ටාලින්ගේ සෝවියට් සංගමය ආක්‍රමණය කිරීමේ "බාබරෝසා" මෙහෙයුමේ පරිමාණය සැබවින්ම යමෙකුට හරි ආකාරයෙන් වටහා ගැනීමට අපහසුය. ජර්මානු සහ එහි සහයක අක්ෂ හමුදා මිලියන 3.8 ක් ඒවන විටත් ඔවුන්ගේ බලයට නතු වී තිබූ පෝලන්තයේ දේශසීමා හරහා ගංවතුරක් මෙන් සෝවියට් භූමිය මත නොනවතින ගමනක් ආරම්භ කොට තිබුණි. ජර්මනියේ නාසි අදහස්වලට අනුව නුසුදුසු යැයි සැලකූ සෝවියට්වරු සතුව තිබූ වර්ග සැතපුම් සිය දහස් ගණනක භූමි ප්‍රමාණය තමන් සතු කරගෙන එය යටත් විජිතයක් බවට පත් කර නාසි අධිරාජ්‍යය පෝෂණය කිරීම මෙහි ප්‍රධාන අරමුණ විය. සෝවියට් දේශය පරාජය කිරීමට ජර්මානුවන් කෙතරම් සමීප වූවාද යත්, ජෙනරාල් ෆීල්ඩ්මර්ෂල් ෆ්‍රාන්ස් ෆ්‍රෙඩ්රික් ෆෙඩෝර් වොන් බොක් අණදෙන නිලධාරියා යටතේ සිටි මධ්‍යම හමුදා කණ්ඩායම මොස්කව් නගරයේ ඉතා ආසන්නයට ළඟා විය. නමුත් ජර්මානුවන් ඔවුන් විසින් දියත් කරන ලද යුදව්‍යාපාරයේ සැබෑ ප්‍රමාණය ගැන සම්පුර්ණයෙන් වටහා නොගෙන සිටියහ. සැපයුම් ගැටළු ඔවුන්ගේ ඉදිරි ගමනට බාධා කිරීමට පටන් ගැනීමත් සමගින් ඔවුන්ගේ මූලික සැලසුම් වල බිදවැටීම ආරම්භ වූයේ මෙහිදීය. ජර්මානුවන් ගේ පැත්තෙන් අතිසාර්ථක ලෙස ආක්‍රමණයේ පලමු සති කිහිපය ගෙවී ගොස් තිබුණි. එහෙත් සෝවියට් සංගමයට ඔවුන්ගේ ප්‍රතිරෝධය සංවිධානය කිරීමට වැඩි කාලයක් ගියේ නැත. එහෙත් සෝවියට් සංගමයට පමණක් ජර්මානු තල්ලුව වලකා ගැනීමට තවමත් ශක්තියක් නොවීය. එහෙත් මාස ගනනාවක් යුද්ධය කැටි කරමින් පැමිණි රුසියන් ශීත ඍතුව මොස්කව් ගලවා ගත්තාය.

පළමු කොටස

බාබරෝසා.

1942 වසන්තයේ ආරම්භයත් සමග ජර්මනිය නැඟෙනහිර යුද්ධය නැවත ආරම්භ කිරීමට සුදානම් වූ නමුත් සැපයුම් රේඛාවල් පවත්වාගෙන යාමේ අපහසුව පැහැදිලි ලෙසම පෙනෙන්නට තිබුණි. විශේෂයෙන්ම තෙල් ජර්මානු යාන්ත්‍රණයට අත්‍යවශ්‍යම අමුද්‍රව්‍ය විය. එබැවින් ඔවුන්ගේ ඉන්ධන හිඟයට පිලියමක් වශයෙන් මෙන්ම ඔවුන් සාර්ථක වුවහොත් එයින් සෝවියට්වරුන් හට ඉන්ධන ලබාගැනීම සම්පූරණයෙන්ම කපා හැරීම සදහා සැලසුමක් ජර්මානු නායකත්වය ගෙන ආවාය. එම සැලැස්මේ කොටසක් වූයේ නැගෙනහිර යුක්රේනයේ වොල්ගා නදිය අද්දර පිහිටි කලින් වොල්ගාග්‍රෑඩ් ලෙස හැඳින්වූ පසුව සෝවියට් නායකයාගේ නාමයෙන් සැරසූ නගරයයි. යුද්ධයට පෙර මිනිසුන් කිහිප දෙනෙකු දැන සිටියත්, යුද්දය අතරතුර එහි සිදු වූ අදහාගත නොහැකි සිදුවීම පිලිබදව කතිකාවන් අදටද අවසන් වී නෙමැත. මේ ඉතිහාසයේ ලේ වැකිම සටන සිදු වූ ස්ටාලින්ග්‍රෑඩ් හි කතාවයි.

සෙනසුරාදාවක් වූ 1941 ජූනි 21 දින සුන්දර වූ ගිම්හාන උදෑසනක ආරම්භයක් විය. රාජකාරිවලින් බැහැර නිවාඩු දිනයක් වූ බැවින් බොහෝ බර්ලින් වැසියන් සිය පවුලේ හෝ මිතුරන් සමගින් Sans Souci උද්‍යානයේ දවස ගත කිරීම සඳහා පොට්ස්ඩෑම් වෙත දුම්රියෙන් ගමන් කලහ. තවත් සමහරු පිහිනීම සදහා Wannsee හෝ Nikolassee යන වෙරළ තීරයන් වෙත ගියහ. විහිලු වලින් රසවත් වූ ආපනශාලා තුළ එදින වැඩියෙන් කතාබහට ලක් වුයේ රුඩොල්ෆ් හෙස් (Rudolf Hess) ගේ බ්‍රිතාන්‍යයට ගිය ගුවන් ගමන පිළිබඳවය. ඉන් සිතුවාටත් වඩා ඉක්මනින් සිදුවෙන්නට යන සෝවියට් සංගමයේ ආක්‍රමණයක් ගැන ඉගියක් පළවිය. ඉතා පුලුල් යුද්ධයක් පිලිබඳ අදහස ගැන කලකිරීමට පත් වූ තවත් බොහෝ අය අවසාන මොහොතේ ස්ටාලින් යුක්රේනය ජර්මනියට පවරා දෙනු ඇතැයි යන අදහස මත තම බලාපොරොත්තු තබා ගත්හ. උන්ටෙර් ඩෙන් ලින්ඩෙන් (Unter den Linden) හි පිහිටි සෝවියට් තානාපති කාර්යාලයේ නිලධාරීන් ඔවුන්ගේ රාජකාරියන්හි නිරතව සිටියහ. මොස්කව් වෙතින් පැමිණි හදිසි සංඥාවක් මගින් බෝල්ටික් සිට කළු මුහුද දක්වා වූ මායිම් දිගේ සිදුවෙමින් පවතින දැවැන්ත මිලිටරි සූදානම පිළිබඳ "වැදගත් පැහැදිලි කිරීමක්" ඔවුන් ගෙන් ඉල්ලා සිටියේය. පළමු ලේකම් සහ ප්‍රධාන පරිවර්තක වැලන්ටින් බෙරෙෂ්කොව් (Valentin Berezhkov) රැස්වීමක් සංවිධානය කිරීම සඳහා විල්හෙල්ම්ස්ට්‍රාස් හි ජර්මානු විදේශ කාර්යාලයට කතා කළේය. ඔහුට පවසනු ලැබුවේ රීචිස් ඇමති ජෝකිම් වොන් රිබන්ට්‍රොප් (Joachim von Ribbentrop) නගරයෙන් බැහැරව සිටින බවත්, රාජ්‍ය ලේකම් ෆ්රීහර් වොන් වයිස්සැකර් (Freiherr von Weizsacker) ව දුරකථනයෙන් සම්බන්ධ කරගත නොහැකි බවත්ය.

උදෑසන ගෙවී යද්දී, තොරතුරු ඉල්ලා මොස්කව් වෙතින් හදිසි පණිවිඩ වරින් වර පැමිණෙමින් තිබුණි. පසුගිය මාස අට තුළ ලැබුණු අනතුරු ඇඟවීම් අසූවකට වඩා එකතුවකින් ජර්මානු අභිප්‍රායන් පිළිබඳ සාක්ෂි ගොඩනැගුණු විට ක්‍රෙම්ලිනයේ තැතිගැන්මක වාතාවරණයක් මතු වී තිබුණි. අභ්යන්තර කටයුතු පිළිබඳ මහජන කොමසාරිස් කාර්යාලය (NKVD) හි නියෝජ්‍ය ප්‍රධානියා පෙර දින තුළ "සෝවියට් සංගමයේ රාජ්‍ය දේශසීමාව හරහා ගුවන් යානා තිස් නවයකට වඩා අඩු නොවුනු ප්‍රමාණයක හදුනාගැනීම්" සිදු වූ බව වාර්තා කර තිබුණි. ජර්මානු හමුදාවන් හි මේ රහස්‍යභාවයකින් තොර නිර්ලජ්ජිත සූදානම් සියල්ල ඇඩොල්ෆ් හිට්ලර් විසින් වෙනත් වූ සැලැස්මක් සදහා වැඩි වාසි ලබා ගැනීම සඳහා වූ සැලැස්මක කොටසක් විය යුතුය යන්න ස්ටාලින් ගේ සිතෙහි වූ අදහස සනාථ කර ඇති බව පෙනෙන්නට තිබුනි.

බර්ලිනයේ සෝවියට් තානාපති ව්ලැඩිමීර් ඩෙකනොසොව් (Vladimir Dekanozov) මේ සියල්ල බ්‍රිතාන්‍යයන් විසින් ආරම්භ කරන ලද වැරදි තොරතුරු ව්‍යාපාරයක් බවට ස්ටාලින්ගේ විශ්වාසය හා එකග විය. ජර්මානු සේනාංක 180ක් සෝවියට් දේශසීමාව ආසන්න යේ යොදවා ඇති බවට ඔහුගේම හමුදා අනුයුක්ත නිලධාරියා ගේ වාර්තාව පවා ඔහු ප්‍රතික්ෂේප කළේය. ලැව්රෙන්ටි බෙරියා (Lavrenty Beria) ගේ ගෝලයෙකු වන ඩෙකනොසොව් තවත් ජෝර්ජියානු ජාතිකයෙක් සහ NKVD හි ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් විය. ප්‍රශ්න කිරීම සහ දේශපාලණික පවිත්‍ර කිරීම හැරෙන්නට ඔහුගේ විදේශ කටයුතු පිළිබඳ අත්දැකීම් අනෙකුත් සැබෑ රාජ්‍ය තාන්ත්‍රිකයින් ගේ අත්දැකීම් මෙන් ඔබ්බට ගොස් තිබුණේ නැත. කන්ඩායමේ අනෙකුත් සාමාජිකයින්, ඔවුන්ගේ අදහස් ඕනෑවට වඩා ප්‍රබල ලෙස ප්‍රකාශ කිරීමට එඩිතර නොවූවත්, සෝවියට් දේශය ආක්‍රමණය කිරීමට හිට්ලර් සැලසුම් නොකරන බවට සුලුවෙන් හෝ සැකයක් ඔවුන්ගේ සිත් තුල නොතිබුනි. ජර්මානු කොමියුනිස්ට් මුද්‍රණකරුවෙකු විසින් සෝවියට් කොන්සල් කාර්යාලයට රහසිගතව ගෙන එන ලද හමුදා ආක්‍රමණ සඳහා උපයෝගී කරගැනීම වෙනුවෙන් ජර්මානු සෙබළුන් අත බෙදා හැරීමට සකස් කරන ලද වාක්‍ය ඛණ්ඩයක සාක්ෂි පවා ඔවුන් හට යවා තිබුණි. එහි "යටත් වන්න!, අත් උස්සන්න!, සාමූහික ගොවිපල සභාපති කොහෙද?, ඔබ කොමියුනිස්ට්වාදියෙක් ද?, සහ 'මම වෙඩි තියන්නෙමි!" යන වැකිද ඇතුලත්ව රුසියානු භාෂාවෙන් වූ තවත් ප්‍රයෝජනවත් කෙටි යෙදුම් ඇතුළත් විය.

බෙරෙෂ්කොව් විසින් විල්හෙල්ම්ස්ට්‍රාස් වෙත නැවත වතාවක් කරන ලද දුරකථන ඇමතුම් මත පිලිතුර වුයේ රිබන්ට්‍රොප් "මෙහි නොමැති අතර ඔහු නැවත පැමිණෙන්නේ කවදාදැයි කිසිවෙකු දන්නේ නැත" යන්නය. දහවල් වන විට ඔහු දේශපාලන දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වූ වෙනත් නිලධාරියෙකු හා සම්බන්ධ විය. ෆියුලර්ගේ මූලස්ථානයේ යමක් සිදුවෙමින් පවතින බව මම විශ්වාස කරමි. සියල්ලන්ම එහි සිටීමට බොහෝ ඉඩකඩක් ඇත". නමුත් සැබවින්ම ජර්මානු විදේශ ඇමති බර්ලිනයෙන් පිටව සිටියේ නැත. රිබන්ට්‍රොප් මොස්කව් හි ජර්මානු තානාපති කාර්යාලයට "හදිසියි! රාජ්‍ය රහස!" යන තේමා ඔස්සේ උපදෙස් සකස් කරමින් කාර්යබහුලව සිටියේ. පසුදා උදෑසන, ආක්‍රමණය ආරම්භ වී පැය දෙකකට පමණ පසු ජර්මානු තානාපති කවුන්ට් ෆ්‍රෙඩ්රික් වර්නර් වොන් ඩර් ෂුලෙන්බර්ග්, (Friedrich Werner von der Schulenburg) විසින් ආක්‍රමණය වෙනුවෙන් කනගාටුව සෝවියට් රජයට දැනුම් දීමට නියමිතව තිබුණි.

බර්ලිනයේ සෙනසුරාදා දහවල, සවස් වරුවට හැරෙන විට මොස්කව් සිට එන පණිවිඩ එන්න එන්නම බරපතල විය. බෙරෙෂ්කොව් සෑම විනාඩි තිහකට වරක් විල්හෙල්ම්ස්ට්‍රාස් වෙත ඇමතුම් ලබා ගත්තාය. තවමත් කිසිදු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ඔහුගේ ඇමතුම පිළිගත්තේ නැත. ඔහුගේ කාර්යාලයේ විවෘත ජනේලයෙන් තානාපති කාර්යාලයට ආරක්ෂාව සපයන පොලිස් නිලධාරීන් පැලදි පැරණි පන්නයේ "ශුට්ස්මාන්" හිස්වැසුම් ඔහුට දැකගත හැකි විය. ඔවුන්ගෙන් ඔබ්බට, බර්ලිනර් වැසියන් සෙනසුරාදා සවස් වරුවේ Unter den Linden මත ඇවිදිමින් සිටියහ. බර්ලින්-මොස්කව් සීඝ්‍රගාමී දුම්රිය කිසිවක් වෙනස් වී නොමැති ලෙසින් රදවා ඇති ජර්මානු හමුදාවන් පසුකරමින් දේශසීමා තරණය කිරීමට සූදානම් විය. යුද්ධය සහ සාමය අතර ඇති පරිසරය යථාර්තවාදී නොවන ව්‍යාකූල තත්වයකින් පසු විය.

මොස්කව්හි දී, සෝවියට් විදේශ ඇමති මොලොටොව් (Molotov) කවුන්ට් වොන් ඩර් ෂුලෙන්බර්ග් ව ක්‍රෙම්ලිනයට කැඳවීය. ජර්මානු තානාපතිවරයා තානාපති කාර්යාලයේ රහස් ලිපි ලේඛන විනාශ කිරීම අධීක්ෂණය කිරීමෙන් පසු නවය හමාරට කැඳවා තිබූ රැස්වීමට පිටත් විය. ජර්මානු සූදානම පිළිබඳ සාක්ෂි සමඟ අභියෝග කළ විට, ආක්‍රමණයක් සිදුවීමට නියමිත බව ඔහු පිළිගත්තේ නැත. සෝවියට් සංගමයට තත්වය තේරුම් ගැනීමට නොහැකි වීම ගැන ඔහු විස්මයට පත් වූ අතර ඔහු බර්ලිනයේ උපදෙස් ලබා ගන්නා තෙක් කිසිදු ප්‍රශ්නයකට පිළිතුරු දීම ප්‍රතික්ෂේප කළේය.

ජර්මනිය කිසි විටෙකත් රුසියාවට එරෙහිව යුද්ධ නොකළ යුතුය යන බිස්මාර්ක් ගේ නියමය විශ්වාස කළ පැරණි තාලේ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වූ ෂුලෙන්බර්ග්, ක්‍රෙම්ලිනයේ නොදැනුවත්කම ගැන පුදුම වීමට හොඳ හේතුවක් තිබුණි. සති දෙකකට පෙර, මොස්කව්හි සිටියදී ඔහු ඩෙකනොසොව්ට, පෞද්ගලික දිවා භෝජන සංග්‍රහයකට ආරාධනා කර, හිට්ලර්ගේ සැලසුම් ගැන ඔහුට අනතුරු ඇඟවීය. රුසියාවට එරෙහිව කිසිදු සැලසුමක් නොමැති බව පවසමින් හිට්ලර් විසින් ඔහුට අමූලික බොරු කීමෙන් පසු මහලු ෂුලෙන්බර්ග් හට තමන් පැහැදිලිවම නාසි පාලන තන්ත්‍රයට වූ පක්ෂපාතිත්වයෙන් මිදී ඇති බවක් දැනුනි. නමුත් එවැනි හෙළිදරව්වකින් විමතියට පත් ඩෙකනොසොව් වෙන්ත් උපක්‍රමයක් ගැන සැක කළේය. එයට ඒ ආකාරයෙන්ම ප්‍රතිචාර දැක්වූ ස්ටාලින් ද සිය දේශපාලන මණ්ඩලයට 'වැරදි තොරතුරු දැන් තානාපති මට්ටමට පැමිණ ඇත!' 'ඉංග්‍රීසියෙකු ගේ උසිගැන්වීමක්' යනුවෙන් පවසමින් බැණ වැදුනාය. බොහෝ අනතුරු ඇඟවීම් රුසියාව සහ ජර්මනිය අතර යුද්ධයක් ආරම්භ කිරීමට සෝවියට් සංගමයේ පරම සතුරා වන වින්ස්ටන් චර්චිල් ගේ කුමන්ත්‍රණයක කොටසක් වන බව ස්ටාලින්ට නිසැක විය. රුඩොල්ෆ් හෙස් ස්කොට්ලන්තයට පියාසර කළ දා සිට මේ කුමන්ත්‍රණාත්මක අදහස් ඔහුගේ මනසෙහි වඩාත් සංකීර්ණ විය.

එම සෙනසුරාදා සවස් වන තුරුම ආක්‍රමණයක හැකියාව පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ස්ටාලින් තවමත් හිට්ලර් කුපිත කිරීමට බියෙන් පසුවිය. දේශසීමාවෙන් ඔබ්බට වනාන්තර තුල රදවා ඇති ටැංකි එන්ජින් උණුසුම් කිරීම මගින් එන ගෝෂාව, ජර්මානු හමුදා ඉංජිනේරුවන් ගංගා හරහා පාලම් ඉදි කිරීම සහ දේශසීමාවන් වෙන් කොට ඇති ඉදිරි රේඛාවන්ගේ කටු කම්බි බාදකයන් ඉවත් කිරීම ගැන දේශසීමා ආරක්ෂකයින් ගෙන් එක පිට එක ලැබුණු වාර්තා වල සඳහන් විය. කියෙව් විශේෂ හමුදා දිස්ත්‍රික්කයේ අණදෙන නිලධාරියා අනතුරු ඇඟවූයේ පැය කිහිපයකින් යුද්ධය ආරම්භ වනු ඇති බවයි. බෝල්ටික් වරායන්හි සේවයේ යෙදී සිටි ජර්මානු නැව් හදිසියේ භාන්ඩ පැටවීම නවතා නැවත ජර්මානු මුහුදු කලාපය බලා යාත්‍රා කළ බවට වාර්තා ලැබී ඇත. කෙසේ වෙතත්, ඒකාධිපති ආඥාදායකයා වූ ස්ටාලින්ට දැන් සිදුවෙමින් පවතින දේ ඔහුගේ පාලනයෙන් බැහැර විය හැකිය යන අදහස සමඟ එකඟ වීමට තවමත් නොහැකි විය.

එදින රාත්‍රියේ, රතු හමුදාවේ ජ්‍යෙෂ්ඨ අණ දෙන නිලධාරීන් සමඟ ඔහුගේ කන්තෝරු කාමරය දී දීර්ඝ සාකච්ඡාවකින් පසුව, 1941 ජුනි 22-23 අතරතුර, ලෙනින්ග්‍රෑඩ් හි විශේෂ කලාපයන් වූ බෝල්ටික් හා සම්බන්ධ වන බටහිර ප්‍රදේශ, කියෙව් සහ ඔඩෙස්සා හමුදා දිස්ත්‍රික්කවල පෙරමුණුවලට ජර්මානුවන් විසින් හදිසි ප්‍රහාර එල්ල කළ හැකිය. අපගේ හමුදාවන් ගේ කර්තව්‍යය වන්නේ විශාල සංකූලතා ඇති කිරීමට ඉඩ ඇති කිසිදු ප්‍රකෝප කිරීම්වලට යටත් නොවීමයි. ඒ අතරම, ජර්මානුවන් සහ ඔවුන්ගේ සහචරයින් විසින් එල්ල කළ හැකි විස්මිත පහරකට මුහුණ දීම සඳහා භට පිරිස් පූර්ණ සටන් සූදානමකින් සිටිය යුතුය. යන්න සදහන් හදිසි යුද අනතුරක සංඥා කේතයක් බටහිර දෙසින් වූ සියලුම හමුදා දිස්ත්‍රික්ක මූලස්ථාන වෙත යැවීමට ස්ටාලින් එකඟ විය. එහෙත් නාවික හමුදාව සහ රතු හමුදාවේ සමහර ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ස්ටාලින්ගේ බලමුලු ගැන්වීමේ නියෝගය නොසලකා නිහඬව සිටියහ. එමෙන්ම මේ අනතුරු ඇඟවීමේ නියෝගය බොහෝ ඒකක සඳහා මධ්‍යම රාත්‍රිය පසු වන තුරුත් ලගා නොවී තිබුනි. එය අවසානයඒ ලැබෙනා විටදී ජර්මානුවන් සිය ප්‍රහාරය ද ආරම්භ කොට තිබුණි.

බර්ලිනයේ රාත්‍රිය ගෙවී යද්දී රිබන්ට්‍රොප්ගේ කාර්යාලය හා සම්බන්ද වීමට තිබූ බලාපොරොත්තුවක් බෙරෙෂ්කොව් අත්හැර දමා තිබුණි. එක්වරම පාන්දර තුනට පමණ ඔහු අසල තිබූ දුරකථනය නාද විය. 'ගෞරවනීය රීච්ස්මිනිස්ටර් වොන් රිබන්ට්‍රොෆ් විදේශ කාර්යාලයේදී සෝවියට් ආණ්ඩුවේ නියෝජිතයන් දැකීමට කැමැත්තෙන් සිටී' යනුවෙන් නුහුරු කටහඬක් නිවේදනය කළේය. තානාපතිවරයා අවදි කර මෝටර් රථයක් ඇණවුම් කිරීමට කාලය ගත වන බව බෙරෙෂ්කොව් එයට පෙරලා පිලිතුරක් ලබාදුන්නාය. 'රීච්ස්මිනිස්ටර් ගේ මෝටර් රථය දැනටමත් ඔබේ තානාපති කාර්යාලයෙන් පිටත බලා සිටී. හැකි ඉක්මනින් සෝවියට් නියෝජිතයන් හමුවීමට ඇමතිවරයා කැමතිය.

තානාපති කාර්යාලයෙන් පිටත, ගැටි බැම්මට සමීපයෙහි නවතා ඇති කළු ලිමොසින් රථය ඩෙකනොසොව් සහ බෙරෙෂ්කොව් දුටුවාය. සම්පූර්ණ නිල ඇඳුමින් සැරසුණු විදේශ අමාත්‍යාංශයේ නිලධාරියෙක් දොර අසල සිටගෙන සිටි අතර එස්.එස් නිලධාරියෙක් රියදුරු අසල වාඩි වී සිටියේය. ඔවුන් පිටත්ව යන විට, බෙරෙෂ්කොව් දුටුවේ, ඒ වන විටත් බ්‍රැන්ඩන්බර්ග් ගේට්ටුවෙන් ඔබ්බට ටියර්ගාර්ටන් ගස්වලට ඉහළින් අහසේ දීප්තිය විහිදුවමින් තිබූ බවයි. ඔවුන් විල්හෙල්ම්ස්ට්‍රාස් වෙත ළඟා වූ විට, පිටත මිනිසුන් සමූහයක් ඔවුන් දුටුවේය. ප්‍රවෘත්ති චිත්‍රපට කාර්ය මණ්ඩලය සඳහා කැමරා ලයිට් මගින් එහි නිමැවුණු යකඩ ආවරණ සහිත පිවිසුම ආලෝකමත් විය. මාධ්‍යවේදීන් ඔවුන්ගේ කැමරාවල ෆ්ලෑෂ් බල්බවලින් ඔවුන්ව මොහොතකට අන්ධ කරමින් සෝවියට් රාජ්‍ය තාන්ත්‍රිකයින් දෙදෙනා වට කරන්ගත්හ. මෙම අනපේක්ෂිත පිළිගැනීම බෙරෙෂ්කොව්ට නරකම බිය ඇති කළේය, නමුත් ඩෙකනොසොව් ජර්මනිය සහ රුසියාව තවමත් සාමකාමීව සිටින බවට ඔහුගේ විශ්වාසය තුළ නොසැලී සිටියේය.

යන්තම් අඩි පහක් උස, කුඩා වක් වු නාසයක් සහ කලු පැහැ හිසකෙස් කිහිපයක් පමණක් හා අන් සියල්ලම තට්ටය වූ වටකුරු හිසක් ඇති සෝවියට් තානාපතිවරයා, ආකර්ෂණීය චරිතයක් නොවීය. හිට්ලර්, ඔහුව මුලින්ම පිළිගන්නා විට, වෙනස අවධාරණය කිරීම සඳහා ඔහුගේ උසම එස්, එස් ආරක්ෂකයින් දෙදෙනෙකු තානාපතුවරයගේ දෙපසින් සිටන ලෙස ඔහුව කැදවාගෙන ආවාය. එහෙත් කුඩා ජෝර්ජියානු ජාතිකයා ඔහුගේ බලයේ පහලින් සිටි සියලුම අයට අනතුරුදායක පුද්ගලයෙක් විය. රුසියානු සිවිල් යුද්ධයෙන් පසු කොකේසස් හි ඔහුගේ මර්දනකාරී ක්‍රියාකාරකම් හේතුවෙන් ඔහුව හැඳින්වූයේ 'බකු හි එල්ලා මරා දමන්නා' ලෙසිනි. සෝවියට් ප්‍රජාවේ ද්‍රෝහීන් යැයි සැක කරන අය සමඟ කටයුතු කිරීම සඳහා බර්ලින් තානාපති කාර්යාලයේ, යටි මාලයේ වධහිංසා පැමිණවීමේ කුටියක් පවා ඔහුගේ අණින් ඉදිකර තිබුණි.

රිබෙන්ට්‍රොප්, ඔවුන් එනතුරු බලා සිටියේ නොයිවසිල්ලෙනි. ඔහු තම කාමරය තුල එහා මෙහා ඇවිද ගියේ කූඩු කළ සතෙකු මෙනි. "ෆියුරර් දැන් රුසියාවට පහර දීම සම්පූර්ණයෙන්ම නිවැරදියි," ඔහු තමාටම ඒත්තු ගැන්වීමට උත්සාහ කරන්නාක් මෙන් නැවත නැවතත් තමන් හටම රහසින් මුමුනාගත්තාය. "අපි එසේ නොකළේ නම් රුසියානුවන් නිසැකවම අපට පහර දෙනු ඇත." ඔහුගේ වඩාත්ම වැදගත් ජයග්‍රහණය වන මොලොටොව්-රිබන්ට්‍රොප් ගිවිසුම විනාශ කිරීමේ අපේක්ෂාවට ඔහුට මුහුණ දිය නොහැකි බව ඔහුගේ යටත් නිලධාරීන්ට ඒත්තු ගොස් තිබුණී. සිය නායකයාගේ මේ අදූරදර්ශී සූදුව ඉතිහාසයේ දැවැන්තම ව්‍යසනය බවට පත් විය හැකි බවට ඔහු සැක කිරීමටද පටන් ගෙන තිබුණි. සෝවියට් නියෝජිතයන් දෙදෙනා රැගැන ආ නිලධාරියා රීච්ස් ඇමතිගේ ගේ විශාල කාර්යාලයට පිවිසීමට ඇති දොර පෙන්වූහ. බෙරෙෂ්කොව් රිබන්ට්‍රොප් ගේ මුහුනෙහි වූ පෙනුමෙන් තමන් සැක කරමින් සිටි දෙය සැබැවක් බව තහවුරු කර ගත්තාය.

ඉතාමත් කඩිමුඩියේ අතට අත දීමෙන් පසුව, රිබන්ට්‍රොෆ් ඔවුන් ව පසකින් වූ මේසයක් වෙත රැගෙන ගොස් එහි අසුන්ගන්නා මෙන් ඉල්ලා සිටියාය. සෝවියට් දේශය පිලිබදව ජර්මානු තර්ජනයක් නොමැති බව සහතික කිරීම වෙනුවෙන් ජර්මානු රජයෙන් සහතිකයක් ඉල්ලා ප්‍රකාශයක් කියවීමට ඩෙකනොසොව් පටන් ගත් නමුත් රිබෙන්ට්‍රොප් ඔහුට බාදා කරමින් කියා සිටියේ ඔවුන්ට රැස්වීමකට සහභාගී වීමට ආරාධනා කර ඇත්තේ ඩෙකනොසොව් ගේ අදහසට සමාන වුවද ඊට හාත්පසිනම වෙනස් කරුණකට බවය. "ආක්‍රමණය" යන වචනය ඔහු භාවිතා නොකිරීමට වගබලා ගනිමින් ඔහු යුද්ධ ප්‍රකාශ කිරීමකට සමාන දෙයක් පැකිලෙමින් ප්‍රකාශ කලාය. 'සෝවියට් ආන්ඩුව ජර්මනිය කෙරෙහි දක්වන සතුරු ආකල්පය සහ ජර්මනියේ නැඟෙනහිර දේශසීමාවේ රුසියානු හමුදා සංකේන්ද්‍රණයෙන් නියෝජනය වන බරපතල තර්ජනය, මිලිටරි ප්‍රති-ක්‍රියාමාර්ග ගැනීමට ජර්මානු රජයට බල කර ඇත. හදිසියේම බෙරෙෂ්කොව් පැහැදිලි වුයේ පහර දීම හෝ පහරදීමට යන සූදානම ඔහුන්ගේ වරදකින් සිදු වී ඇති බවට පෙන්වාදීමේ උත්සාහයක රිබෙන්ට්‍රොප් යෙදෙමින් සිටින බවය. ජර්මන් හමුදාව දැනටමත් එහි ආක්‍රමණය ආරම්භ කර ඇති බව බෙරෙෂ්කොව් ට හදිසියේම පැහැදිලි විය. සෝවියට් දේශයේ පැහැදිලි බලපැම් වලට ප්‍රතිචාරයක් වශයෙන් අපගේ ඉදිරි ආරක්ශක සැලසුම පිළිබඳව ඔබට නිල වශයෙන් දැනුම් දීම සම්බන්ධයෙන් ෆියුරර් මට බලය ලබාදී ඇත. රිබෙන්ට්‍රොප් හදිසියේම නැගී සිටිමින් පවසන අතරවාරයේ ඔහු අත වූ හිට්ලර්ගේ සංදේශයේ සම්පූර්ණ සටහන තුශ්නිම්භූත වී සිටි ස්ටාලින්ගේ තානාපතිවරයාට භාර දුන්නේය.

ඩෙකනොසොව් ද නැගිට සිටියාය. ඔහු යන්තම් රිබන්ට්‍රොප්ගේ උරහිස මට්ටමට සිටියාය. යතාර්ථය අවසානයේ සම්පූර්ණයෙන්ම ඔහුට දැනෙන්නට විය. 'සෝවියට් සංගමයට එරෙහි මෙම අපහාසාත්මක, ප්‍රකෝපකාරී සහ කොල්ලකාරී ප්‍රහාරය ගැන ඔබලාට තරයේ කනගාටු වීමට සිදු වනු ඇත. ඔබලා ඒ සඳහා බොහෝ සෙයින් ගෙවනු ඇත! ඔහු දොර දෙසට හැසී ඉක්මනින් අඩිය තියමින් ගිය අතර බෙරෙෂ්කොව් ද ඔහුව අනුගමනය කලාය. රිබන්ට්‍රොප් ඔවුන් පසුපස වේගයෙන් පැමිණියාය. ඔබ මොස්කව් වෙත ගිය පසු ඔවුන් හට පවසන්න "මා මේ ප්‍රහාරයට තදින්ම විරුද්ධ වූ අයෙකු බව" යනුවෙන් පැවසීය.

ඩෙකනොසොව් සහ බෙරෙෂ්කොව් සෝවියට් තානාපති කාර්යාලය වෙත කෙටි ගමනක් සඳහා ලිමොසින් රථයට නැඟෙන විට දවසේ උදාව ගෙවෙමින් තිබුනි. එස් එස් භට කණ්ඩායමක් දැනටමත් Unter den Linden හි කොටස අවහිර කර ඇති බව ඔවුන් හට පෙනුනි. ඇතුළේ, ඔවුන් ආපසු එනතුරු බලා සිටි කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් ඔවුන්ට පැවසුවේ ඔවුන්ගේ සියලු දුරකථන රැහැන් කපා ඇති බවයි. ඔවුන් රැහැන් රහිතව රුසියානු ගුවන් විදුලි මධ්‍යස්ථානයකට සුසර කළාය. මොස්කව් සිටියේ ජර්මානු ගිම්හාන කාලයට වඩා පැයක් ඉදිරියෙන්, එබැවින් දැන් එහි ජුනි 22 ඉරිදා උදේ හය පසුවී තිබුණි. මොස්කවු හි ප්‍රවෘත්ති ප්‍රකාශනය ආරම්භ වූයේ සෝවියට් කර්මාන්තයේ සහ කෘෂිකර්මාන්තයේ නිෂ්පාදන ධාරීතාවන් වැඩි කිරීම උදෙසා යෙදුනු නව රෙගුලාසි සම්බන්දයෙන්ය ඉන් පසුව ශරීර සෞඛ්‍යය පිලිබද වැඩසටහනක් විකාශනය විය. ඔවුන්ව පුදුම කරමින් ජර්මානු ආක්‍රමණය ගැන කිසිදු සඳහනක් ප්‍රවෘත්ති ප්‍රකාශනයේ නොවීය. තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ NKVD සහ GRU (මිලිටරි ඔත්තු සේවා) නිලධාරීන් වහාම ශක්තිමත් කරන ලද වානේ දොරවල් සහ මුද්‍රා තබන ලද වානේ පියන්වලින් වසා ඇති ජනෙල්වලින් සමන්විත ඉහළ මාලයට ගිය අතර හදිසි අවස්ථාවකදී ප්‍රයෝජනයට ගැනීමට ස්ථාපනය කර ඇති විශේෂ ඉක්මන් දැවෙන උඳුන් තුළට රහස් ලේඛන තල්ලු කිරීම ආරම්භ කලහ. ඩෙකනොසොව් තානාපති කාර්යාලයේදී රිබන්ට්‍රොප් විසින් පවසූ දෙය ස්ටාලින් හට පැවසුවද එය ස්ටාර්ලින් විසින් අසාගෙන සිටියාද යන්න ඔහුට පැහැදිලි නොවීය.

රුසියානු අගනුවර, ගුවන් යානා නාශක ආරක්ෂක අංශ වෙත අනතුරු අඟවා තිබුනද, නගරයේ අන් සියල්ලන්ට සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳව තවමත් අවබෝධයක් නොතිබුණි. රජයේ සහ කර්මාන්තවල බලගතු තනතුරු දරණ කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයින්ට ඔවුන්ගේ කාර්යාලවලට ඇතුළු වීමට නියෝග කළද නිසි මග පෙන්වීමක් නොමැතිකම නිසා සියලුම දෙනා ක්‍රියා විරහිතවී ඇති බව පෙනුනි. ස්ටාර්ලින් කිසිත් නොපැවසුවාය. පෙරමුණේ සිදුවන්නේ කුමක්දැයි කිසිවෙකු දැන සිටියේ නැත. ජර්මානු පළමු ප්‍රහාරයෙන් ම සෝවියට් සන්නිවේදන බිඳ වැටී තිබුණි.

හිට්ලර් තවමත් මිතුරෙක් යන වඩාත් උමතු අදහසින් එපිටට යාම අවසන් මොහොත දක්වා ප්‍රතික්ෂේප කරමින් සිටි ක්‍රෙම්ලිනයේ ශුභවාදීන්ගේ බලාපොරොත්තු ද බිඳ වැටෙමින් තිබුණි. සෙවාස්ටොපෝල් නාවික කඳවුරට ජර්මානු බෝම්බ ප්‍රහාරයක් පිළිබඳ කළු මුහුදේ බලඇණියේ අණදෙන නිලධාරියාගෙන් අලුයම 3.15 ට තහවුරු කිරීම ලැබුණි. 1904 දී පෝර්ට් ආතර්ට එරෙහිව ජපානයේ විස්මිත ප්‍රහාරය ගැන සිතීමට සෝවියට් නාවික නිලධාරීන්ගේ මතකය අලුත් විය. ස්ටාලින්ගේ සමීපතම සගයෙකු වූ ජෝර්ජි මැලෙන්කොව් (Georgy Malenkov) අද්මිරාල් නිකොලායි කුස්නෙට්සොව් (Nikolay Kuznetsov) ගේ වචනය විශ්වාස කිරීම ප්‍රතික්ෂේප කළ අතර, නායකයාව රැවටීම මත වැරදි ක්‍රියාමාර්ගයක් වෙනුවෙන් ක්‍රියා කිරීමට යොදන ලද ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ උපක්‍රමයක් නොවන බවට සැක හැර දැනගැනීම උදෙසා ඔහු නැවත පුද්ගලිකව අද්මිරාල් හට දුරකථනයෙන් කතා කළේය. බටහිර මායිම්වල ප්‍රහාරය ආරම්භ වී පැය දෙකකට පසු එනම් පහ පසුවී විනාඩි තිහකින් - ෂුලෙන්බර්ග් නාසි ජර්මනියේ යුද ප්‍රකාශය මොලොටොව් වෙත ලබා දුන්නේය. පැමිණ සිටි එක් අයෙකුට අනුව, මහළු තානාපතිවරයා කෝපයෙන් කඳුළු පුරවාගෙන කතා කර ඇති අතර, පෞද්ගලිකව ඔහු හිට්ලර්ගේ තීරණය පිස්සුවක් යැයි සිතන බව පැවසීය. මොලොටොව් දේශපාලන මණ්ඩලය රැස්ව සිටි ස්ටාලින්ගේ කාර්යාලයට යාමට ඉක්මන් විය. ප්‍රවෘත්තිය ඇසූ ස්ටාලින් කිසිවක් නොකියා තම පුටුව තුලටම වකුටු වී ගියාය. ඔහුගේ උමතු වැරදි උපකල්පනයන් එකිනෙක ඔහුගේ තිත්ත වූ යථාර්තයට කරුණු ඉදිරිපත් කළේය. අනුකම්පා විරහිත උපක්‍රම සඳහා වඩාත් ප්‍රසිද්ධ ඔහු, ඔහු විසින්ම සාදන ලද උගුලකට වැටී ඇත.

ඉදිරි දින කිහිපය තුළ පෙරමුණෙන් ලැබුණු ප්‍රවෘත්ති කෙතරම් ව්‍යසනකාරී වූවාද යත් ස්ටාලින්, බෙරියා සහ මොලොටොව් ව රහසිගත සාකච්ඡාවක් සඳහා කැඳවීය. 1918 දී බ්‍රෙස්ට්-ලිටොව්ස්ක් (Brest-Litovsk) ගනුදෙනුව මෙන් සියලු අපහසුකම් හා පාඩුවන් සමගින් ඔවුන් හිට්ලර් සමඟ සාමය ඇති කර ගත යුතුද ? යන්න ඔවුන් සාකච්ජා කලහ. සැබැවින්ම ඔවුන්ට යුක්රේනය, බෙලෝරුසියාව සහ බෝල්ටික් ජනපද බොහොමයක් ජර්මානුවන් වෙත අත්හැරිය හැකිය. බල්ගේරියානු තානාපති අයිවන් ස්ටැමෙනොව් (Ivan Stamenov) පසුව ක්‍රෙම්ලිනයට කැඳවන ලදී. කන්ඩායම් දෙක වෙනුවෙන් අතරමැදියෙකු ලෙස ක්‍රියා කිරීමට හැකිදැයි මොලොටොව් ඔහුගෙන් විමසූ නමුත් ඔවුන් මවිතයට පත් කරමින් ඔහු එය ප්‍රතික්ෂේප කරමින් ඔහු 'ඔබ යූරල් වෙත පසුබැස ගියත්, අවසානයේදී ඔබ ජයගනු ඇත' යනුවෙන් පිළිතුරු දුන්නේය.

සෝවියට් සමූහාණ්ඩුවේ අභ්‍යන්තර ප්‍රදේශවල ජනගහනයෙන් අතිමහත් බහුතරයක් තම රටට සිදු වූ ව්‍යසනය ගැන කිසිවක් දැන සිටියේ නැත. විවේක දිනකට සුදුසු පරිදි, මොස්කව්හි ජනාකීරණ ස්ථානයන් බොහොමයක් හිස්වී තිබුණි. නාවික මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් කුස්නෙට්සොව් ක්‍රෙම්ලිනයට ඔහුගේ මෝටර් රථයෙන් යන අතරවාරයේ වටපිටාවේ සාමකාමී දර්ශනය දෙස බලාසිටියාය. අගනුවර ජනගහනය සිය දේශසීමා වල යුද්දයක් ඇවිලෙන බව වත් රුසියානු ඉදිරි ඒකක දරුණු සටන්වල නියැලී සිටින බව වත් තවමත් දැන සිටියේ නැත.

අවසානයේ ජූනි 22 දා මධ්‍යම රාත්‍රියේ ස්ටාලින්ගේ හඬ නොව මොලොටොව් ගේ හඬ රැහැන් රහිත සේවා ඔස්සේ සමස්ථ සෝවියට් දේශය පුරාවටම විකාශය විය. ඔහුගේ ප්‍රකාශය ඉතාම කෙටි විය 'අද පාන්දර හතරට ජර්මානු හමුදා අපේ රටට පහර දුන්නේ සෝවියට් සංගමයට කිසිදු පූර්ව අනතුරු හැගවීමක් නොකරය. 'අපේ හේතුව සාධාරණයි' සතුරාට පරාජය උරුම වන්නේය. අපි ජයග්‍රහයකයන් වන්නෙමු. ඔහු දැඩි ලෙස ප්‍රකාශ කලාය.

මොලොටොව්ගේ වචන තේරීම ආශ්වාදයක් නොවූ අතර ඔහුගේ ඉදිරිපත් කිරීම අපහසු විය, නමුත් මෙම නිවේදනය සෝවියට් සංගමය පුරා ප්‍රබල ප්‍රතිචාරයක් ඇති කළේය. වොල්ගා හි ස්ටාලින්ග්‍රෑඩ් නගරය සටන් වලින් බොහෝ දුරස් වන්නට ඇත, නමුත් මේ නිවේදනයේ බලපෑම එහි පැහැදිලිවම සටහන් විය. 'ඒක හරියට අහසින් බෝම්බයක් වැටුණා වගේ, ඒක පුදුම කම්පනයක්,' තරුණ සිසුවියක් සිහිපත් කළාය. ඇය වහාම හෙදියක් ලෙස ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූවාය. ඇගේ මිතුරන්, විශේෂයෙන්ම Komsomol (කොමියුනිස්ට් තරුණ) සාමාජිකයන්, යුද ක්‍රියාවන් සඳහා එකතු වීමට ලහි ලහියේ පෝලිම් ගැසුනහ.

දෙවන පෙරමුණුවල් බලමුලු ගැන්වීමේ නියෝග සඳහා බලා සිටියේ නැත. ඔවුන් ඉතා ඉක්මනින් රාජකාරී සදහා වාර්ථා කලෝය. මොලොටොව්ගේ කතාවෙන් පැය භාගයක් ඇතුළත, දෙවන පෙරමුනේ සෙබළෙකු වන වික්ටර් ගොන්චරොව් නිවසින් මධ්‍යස්ථානයට පිටත් විය. ස්ටාලින්ග්‍රෑඩ් ට්‍රෑම් රථ උද්‍යානයේ වැඩ කරමින් සිටි ඔහුගේ බිරිඳට සමුදීම සදහා ආපසු යාමට නොහැකි වුවද ඔහුගේ පියා ඔහුත් සමගින් පැමිණි අතර ඔහුව ඇරලවාලීම සදහා සිය පියා පැමිණෙන බවට වික්ටර් සිතුවද 'යුද්ධ හතරක සටන් කළ' අසූ එක් හැවිරිදි කොසැකයෙකු වූ තම පියා ස්වේච්ඡා සේවයට පැමිණීමට සැලසුම් කරන බව ඔහු දැන සිටියේ නැත. නමුත් මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලය ඔහුව ප්‍රතික්ෂේප කළ විට මහලු ගොන්චරොව් කෝපයට පත් විය.

දැවැන්ත ස්ටැලින්ග්‍රෑඩ් ට්‍රැක්ටර් කම්හල අසල වූ ස්ටාලින්ග්‍රෑඩ් කාර්මික විශ්ව විද්‍යාලයේ සිසුන් විශාල සිතියමක් බිත්තිය මත එල්ලා රතු හමුදාව ජර්මනිය තුල ඉදිරියට යාම කොඩිවලින් සලකුණු කිරීමට සූදානම් විය. විශාල, තීරණාත්මක පහරකින් අපි සතුරා කුඩුපට්ටම් කරනු ඇත' එක් සිසුවෙකු පැවසීය. අසංඛ්‍යාත ටැංකි නිෂ්පාදනය සහ ගුවන් ජයග්‍රහණ පිළිබඳ ප්‍රවෘත්ති චිත්‍රපට සෝවියට් සංගමයේ දැවැන්ත කාර්මික හා මිලිටරි ශක්තිය ගැන රජය විසින් ඔවුන්ට ඒත්තු ගන්වා තිබුණි. එහෙත් සැබැව ඊට වඩා හත්පසින්ම වෙනස් විය. මෑතක් වන තුරුම තාක්‍ෂණික වශයෙන් පසුගාමී වූ රටක පින්තූර පමණක් ආකර්ෂණීය විය, ඊට අමතරව ස්ටැලින්වාදී ක්‍රමයේ සර්වබලධාරියා එය තුළ සිටින අයට තමන්ගේ දේශය නොසැලෙන බලවතෙක් ලෙස පෙනෙන්නට සැලැස්වීය. 'බොරු ආටෝපික ප්‍රචාරණයන් කන වැටුණේ ඒවා විශ්වාස කිරීමට සැදී පැහැදී සිටි කන්ඩායමකටය' සෝවියට් දේශයට පමනක් නොව ඉංජිනේරු කම්හල්, නාගරික උද්‍යාන සහ මහා වොල්ගා හරහා පෙනෙන උස සුදු මහල් නිවාස සහිත ස්ටැලින්ග්‍රෑඩ් ආදර්ශ නගරය සඳහා ද පැමිණීමට නියමිත ඉරණම බොරුවෙන් ඇස් වසා තිබූ ඔවුන් කිසිවෙක් බලාපොරොත්තුවෙන් සිටියක් නොවෙනු ඇත.