1 හොර පූසි Part 01

ՏᎬᏙᎬΝ ᎠᎬͲᎬᏟͲᏆᏙᎬՏ 『&』 ᵃ ˢᵖʳⁱⁿᵍ ᵈᵃʸ

Ɇ₱Ɨ$ØƉɆ 𝟘𝟙

Chapter 01

"හොර පූසි"

ᵖᵃʳᵗ 01

(රැස්වීම අතරතුර...)

"කණ්ඩායම, මං කියන දේ හොඳට අහගන්න. අපි මේ හැප්පෙන්නේ ලේසි පහසු කෙනෙක් එක්ක නෙවෙයි. එයා අපේ සිස්ටම් එකටම ඇතුල් වෙලා! නගරේ ආරක්ෂාව වැඩිම සිස්ටම් එක. ඒක දැන් කියන්නත් ලැජ්ජයි මෙයා හින්දා!" නම්ජුන් අත මිට මොලවලා මේසයට පාරක් ගහන ගමන් කිව්වේ තරහින්.

"යා... නම්ජුනා, කලබල වෙන්න එපා.. අපි ඉක්මනටම ඔය හොර පූසිව අල්ලගමු. මම එයාට හොඳ පාඩමක් උගන්නන්නම් කෝ" තමන්ගේ ප්‍රධානියා වුනත්, තමන්ට වඩා වයසින් බාල වුණ නම්ජුන්ගේ උරහිසට තට්ටුවක් දාන ගමන් යුන්ගි හිමින් කිව්වා.

"යා.. යුන්ගියා කියන්නේ ඇත්ත, අපි එයාව අල්ලගෙන හොඳ පාඩමක් උගන්නමු. ඒත් නම්ජුනා ඔයා ඔච්චර ස්ට්‍රේස් වෙන්න එපා.." ජිනුත් එහෙම කිව්වේ නම්ජුන් ඕනෑවට වඩා කලබල වෙලා ඉන්නවා කියලා හැමෝටම දැනුන නිසයි..

"අනී... හ්යොන්ග්.. මේක ගැන උඩින් දැනගත්තොත් මට විසුමක් නැහැ. මම දන්නේ නැහැ මෙයා මේ සිස්ටම් එකට කොහොම ඇතුල් උනාද කියලා.." ටිකක් සන්සුන් උන නම්ජුන් ආපහු සැරයක් පුටුවේ ඉඳගන්න ගමන් කිව්වා.

"හරි හරි නම්ජුනා, කලබල වෙන්නේ නැතුව කියන්නකෝ ඔයාගේ ප්ලෑන් එක. දැනටමත් ඒ හොර පූසි අපිට අහුවෙලා ඉවරයි.." හෝසොක් එහෙම කිව්වේ ඉක්මනටම මේ හෙර අල්ලගන්න එයාට තිබ්බ ඕනේකම නිසා.

✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿

(පැය කිහිපයකට පෙර)

"යූන්ගි හුයොන්ග්.., මොකද කරන්නේ ඔයා? නෝමු ජිරුයේයෝ...(මට ගොඩක් කම්මැලියි...) " මොහොතකට පරිගණකයෙන් ඇස් ඉවතට ගත්ත ජිමින් කිව්වේ අත් දෙපසට විහිදලා හිරි අරින ගමන්.

"යා... ජිමිනා...! ඔෆිසර් කෙනෙක් ඔහොමද කතා කරන්නේ?" ජිමින්ගේ ඔළුවට පුංචි තට්ටටුවක් දාන ගමන් එයා ලගට ආවේ හෝසොක්. "අනී හ්යොන්ග්, මට කරන්න වැඩක් නැහැ.. සිස්ටම් එක ඔටෝ රීෆ්‍රේෂ් වෙන්න දාලා තියෙන්නේ.." ජිමින් දගකාර විදියට එයාගේ කොන්ඩ ගස් අතර අතැ'ගිලි යවන ගමන් කිව්වා.

"යුන්ගි හ්යොන්ග් කෝ?" හෝසොක් ඇහුවේ වටපිට විපරම් කරන ගමන්. මේ කාමරයෙන් එලියට අඩියක්වත් හොල්ලන්නේ නැති යුන්ගි පේන්න හිටියේ නැති නිසා එයා පුදුම වෙලා හිටියේ.

"යොගි (මෙහෙ)" ලගම තිබුණු මේසෙ යටින් යුන්ගි ගේ කටහඩ එලියට ආවා. එකපාරටම සිද්ධ වුණ බලාපොරොත්තු නොවුණ දෙයින් හෝසොක් ගැස්සිලා ගියත් ආපහු ගානට මූණ හදාගත්තේ වෙනසක් නොපෙන්වා. හැබැයි ජිමින්ගේ ඇස්වලින් නම් ගැලවෙන්න පුළුවන් වුණේ නැහැ හෝසොක්ට.. ඒත් ජිමින් මුකුත් ම නොකියා තමන්ගේ පාඩුවේ ඒ විහිළුව විඳින ගමන් නිහඬව හිනා වුණා..

අන්තිමේ යුන්ගි මේසෙ යටින් එලියට ආවා.

"මේ මැෂින් එකට මොනා වෙලාද මං දන්නේ නැහැ. කලින් පාර මෙහෙ හිටපු කෙනා මේක අල කරලා වගේ ගිහින් තියෙන්න.." යුන්ගි කිව්වේ කිසි ගානක් නැතුව.. "හ්ම්ම්.. මේන් ඔෆිස් එකට මැසේජ් එකක් දාමු අපිට මේක හදන්න කෙනෙක් ඕනේ කියලා.. එතකොට හරිනේ..." හෝසොක් එයාගේ මිට මොලවපු අත යුන්ගි ට ලං කලා. යුන්ගි වැඩි උනන්දුවක් පෙන්වන්නේ නැතුව එයාගේ මිට මොලවපු අතත් හොසොක්ගෙ අතට ලං කලා.. "මටත් මේක හදන්න නම් පුළුව..." යුන්ගිට එයාගේ කතාව ඉවර කරන්න වුණේ නැහැ.

"හ්යොන්ග්!!" හෝසොක්කුයි යුන්ගියි දෙන්නම උඩ ගියේ ජිමින්ගේ කෑගැහිල්ල හින්දා.

ජිමින්ගේ පරිගණක තිරයේ රතු පැහැයෙන් Error සලකුණ ලෙල දුන්නා. ටිකක් විතර බයවෙලා හිටපු ජිමින් යුන්ගි එයා ලගට ආවා විතරයි, යුන්ගිට ඉඩ දීලා අයින් වුණා.

පරිගණකයේ යතුරු කීපයක්ම තත්පරකදී එකවර ස්පර්ශ කරමින් යුන්ගි ඉක්මනින් යම්කිසි දෙයක් හෙව්වා. "මොකක්ද හ්යොන්ග් අවුල? මෝදු ක්වෙන්චනා? (හැමදේම හොඳින් නේද?)" අතේ තිබ්බ කෝපි කෝප්පයෙන් ටිකක් බොන ගමන් ම හෝසොක් ඇහුවේ වැඩි කලබලයක් නොපෙන්වා.

"ආ...හ්! අනියා... ජොල්දේ අන්ද්වේ...(නැහැ.... කොහෙත්ම වෙන්න බැහැ...)" යුන්ගි ගේ කෑ ගැහිල්ලට පස්සේ නම් හෝසොක් එයාගේ මුළු අවධානෙත් එක්ක පරිගණකය දිහා බැලුවා. "යා.. ඉක්මනට ගිහින් නම්ජුනියව එක්ක ගෙන එන්න.. අපිට පොඩි අවුලක්..." හෝසොක් ඉක්මනට යන්න හැදුවත්, සුළගේ වේගයෙන් කාමරයෙන් එලියට දුවපු ජිමින්, යන අතර මඟ ම නම්ජුන් ගේ නම කියලා කෑ ගහන්න ගත්තා.. ඊලග මිනිත්තු දෙකේදී නම්ජුන් Control Room එක ඇතුලේ යුන්ගිගේ විස්තරයට කන් දෙන ගමන් හිටියේ..

"හ්යොන්ග්, හැමදේම හරි ඒත් මට තාම හිතාගන්න බැරි අපේ සිස්ටම් එකට ඇතුල් වෙන්න පුළුවන් වුණේ කාටද කියලා. අපි අපරාධ විමර්ශන අංශය! ඇරත් අපි අපරාධ විමර්ශන අංශයේ රහසිගත ශාඛාවක්! අඩු තරමේ මෙහෙම තැනක් තියෙනවා කියලාවත් වෙන කවුරුත් දන්නේ නැහැ!" නම්ජුන් පුදුමයෙන් ගොඩක් සංවේදි වෙලා හිටියේ.

"නම්ජුනා.., දැන් ඒක ගැන හිතලා වැඩක් නැහැ. ඒ කවුරු උනත් අපි එයාව ඉක්මනට අල්ලගන්න ඕනේ.." නම්ජුන්ගේ උරහිසට තට්ටු කරලා හෝසොක් කිව්වා. "හ්ම්ම්... හ්යොන්ග්ට හොයාගන්න පුළුවන් ද ඒ කෙනාව?" පොඩි සුසුමක් හෙලපු නම්ජුන් හැරුණේ යුන්ගි දිහාට. "මම දැනටමත් ඉන්නේ ඒ වැඩේ නම්ජුනා.. හැබැයි මට තාම කිසිම දෙයක් හොයාගන්න බැරි වුණා.. ඒත් එහෙම වෙන්න විදිහක් නැහැ. එයා මං තරම් දක්ෂ කෙනෙක් වෙන්න බැහැ.. මම ඉක්මනටම එයා කවුද කියලා හොයාගන්නම්." ඇගිලි වල හිරි ඇරපු යුන්ගි එයාගේ වැඩ පටන් ගත්තා. සයිබර් සයිඩ් එකේ වැඩ තවම හරියට පුරුදු නැති නිසා ජිමින් යුන්ගි කරන්නේ මොකද කියලා බලන් හිටියා.

නම්ජුන්, හෝසොක් එක්ක ගියේ ටීම් එකේ අනික් අය එක්කත් මේ ගැන සාකච්ඡා කරන්න.

✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿

(රැස්වීම අතරතුර...)

"මම හොයාගත්තා ඒ කවුද කියලා.. හන්නම් ස්ටේෂන් එක දිහා තමයි කවුරුවුණත් මේ කෙනා ඉන්න ඕනේ...මං හිතන්නේ අපි එයාට ලං වෙද්දි මට හරියටම තැන හොයාගන්න පුළුවන් වෙයි.. ඒක නෙවෙයි වැඩේ.. මට ෂුවර් මෙයා ගෑනු කෙනෙක් වෙන්න ඕනේ.." යුන්ගි ගේ කටින් මේ වචන එලියට පනින කොට හැමෝගෙම මූණුවල ඇදුනේ පුදුමය එක්කම අමුතු බැල්මක්.. අනික මක්නේ ලා(බාලයෝ) තුන්දෙනාගේ පොඩි කසුකුසුවකුත් ඇහෙන්න ගත්තා..

"මම එහෙම කියන්නේ, එයාගේ යූසර් නේම් එක මට හොයාගන්න පුළුවන් වුණ නිසා..." හැමෝම ඇස් ලොකු කරගෙන යුන්ගි දිහා බැලුවේ ඒ නම දැනගන්න.

"බොම්නල්! (Spring Day!)"

යුන්ගි කිසිම සද්දයක් බද්දයක් නැතුව හරිම සන්සුන්ව කිව්වා.

"මේ වගේ නමක් දාන්නේ ගෑනු ළමයෙක් තමයි කියලා මට හොඳටම ෂුවර්!" යුන්ගි කිව්වේ සහතික කරන බැල්මක් එක්ක.

"හරි නම්ජුනා, ඔයාට පුළුවන් දැන් ඔයාගේ ප්ලෑන් එක කියන්න" යුන්ගි එයා හොයාගත්ත ඔක්කොම තොරතුරු ටික කියලා ඉවර වෙලා, එයාගේ පුටුවෙන් වාඩිවෙන ගමන් කිව්වා.

✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿

(රැස්වීමෙන් පසු...)

(හොර පූසි අල්ලාගැනීමේ මෙහෙයුම: මෙහෙයුම් ස්ථානයේ සිට)

"එහෙනම් හැමෝම දන්නවා නේ කරන්න ඕනේ දේ?" අන්තිම වතාවට ආයුධ සන්නද්ධ මෙහෙයුමට ලෑස්ති වෙලා ප්‍රධානි කිම් නම්ජුන් අවසන් පරික්ෂාව කලා. අනික් හැමෝම ඔළුව වනලා නම්ජුන් ට සන් කලේ එයාලා ලෑස්තියි කියලා.හැමෝම ඉක්මනට තමන්ට අදාල ස්ථානවල ස්ථාන ගත වුණා.

මේ වෙලාවේ එයාලා හැමෝම හිටියේ මහා විශාල පරණ නිවාස සංකීර්ණයක් ඉදිරිපිට. වාහනේ එන ගමන් යුන්ගි, එයාලගේ සිස්ටම් එක ඇතුලට හොරෙන් ඇතුල් හෙර ඉන්න තැන හොයාගත්ත නිසා හැමෝම හරි තැනට ඇවිත් හිටියේ. සාමාන්‍ය ජනතාවගේ සැකයට භාජනය වෙන්න ඕනේ නැති නිසා හැමෝම සාමාන්‍ය ඇඳුමින් ලෑස්තිවෙලා හිටියේ. නම්ජුන් අත්වලින් සංඥා කලා කරන්න ඕනේ දේවල්. හැමදේම ගානට තේරුම් ගත්ත හැමෝම සාමාන්‍ය විදිහට හැසිරුනා..

⁑⁑⁑⁑⁑⁑⁑⁑⁑⁑⁑⁑⁑⁑⁑⁑⁑⁑⁑⁑⁑⁑⁑⁑⁑⁑⁑⁑⁑⁑⁑⁑⁑⁑⁑⁑⁑⁑⁑⁑⁑⁑

බොම්නල් (Spring Day) View

හරේ... නියමා....යි..... අදත් මට හිමීට සිස්ටම් එක පැත්තේ යන්න පුළුවන් වුණා.. කලින් දවසේ මට ඉක්මනටම සිස්ටම් එකෙන් එලියට එන්න වුණානේ.. නූලෙන් බේරුනේ ඊයේ නම්.

මම ඉක්මනට එහේ මෙහෙ රවුමක් දැම්මේ ඊයේට වඩා තව තොරතුරු දැනගන්න තිබ්බ උවමනාව නිසා.. ඒත් හදිසියේම මගේ හිතේ අනතුරු සීනු නාද වෙන්න ගත්ත නිසා මම ඉක්මනට ම ඒ බයානක සිස්ටම් එකෙන් අයින් වුණා.

"හා....." අත් දෙක උඩට ඇද්ද මම හොඳට අත්වල හිරි ඇරියා..

කන්න මොනාහරි තියෙනවා ද කියලා බලන්නත් ඕනේ.... හිමීට කුස්සිය දිහාට මම ගාටන්න ගත්තේ කම්මැලිකමේ මයි.

ඊට පස්සේ කන්න දේවල් සෙට් එකක් අරගෙන සෝෆා එකට පැන්නේ ඩ්‍රාමා එකක් බලන්න හිතාගෙන. ව්වා..හ් නියම ඩ්‍රාමා එකක් තමයි සෙට් වුණේ... ලව් ස්ටෝරියක් නේ... ඒලියන් කෙනෙක්..! අවුරුදු හාරසීයක් වයස?? ව්වා...හ්හ්හ්... මම මේ ඩ්‍රාමා එකක් බලන්නේ හෙන කාලෙකට පස්සේ.. අර සිස්ටම් එක ඇතුලට ගිය සතුට සමරන්න තමයි මම ටී.වී. බලන්න ගත්තේ..

ආ....හ් මොන වදයක්ද? ඉඳලා ඉඳලා ටී.වී. එක බලන්න ගත්තා විතරයි, කවුද මංදා දොරට තට්ටු කරනවා.. හැබැයි ඔය එහා ගෙදර පොඩි උන් දෙන්නා උනොත් නම් මම අද උස්සලා පොලේ ගහනවා.. මම කකා හිටපු චොකලට් එකත් හප හපාම, දොර ලගට ගියේ වැඩි කැමැත්තකින් නම් නෙවෙයි. මම කෙලින්ම දොර ඇරියේ අර පොඩි උන් දෙන්නාගේ කන් දෙක රත් වෙන්න හොඳවා ඉන් දෙකක් කියන්න හිතාගෙන.

"ව්වේ....? (ඇයී...?)" මම දොර ඇරියේ යට ගිරියෙන් කෑ ගහන ගමන්..

ඒත්!

දොරෙන් එහා පැත්තේ හිටියේ.. මාර හැන්ඩ්සම් කොල්ලො දෙන්නෙක් නේ!

මම උඩ ගියා මේ මොකද මේ කියලා!

"අන්න්යෝන්ග්!" ලස්සන කියුට් මූණක් තිබ්බ කෙනා කියද්දී දෙන්නම ඔලුව නමලා හරිම ලස්සනට ආචාර කලා..

මම ඉතිං කෙලින්ම පුදුමයෙන් මත් වෙලා ඒ දෙන්නා දිහා බලාගෙන හිටියා..

මෙච්චර හැන්ඩසම් දෙන්නෙක් මොන ලෝකෙන් ද මගේ ගෙදර දොරකඩට ආවේ..?

💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐

ඔන්න ලමයි මම ආපහු අලුත් විකාර කතාවක් එක්ක ඔයාලා ලගට ආවේ... මේ කතාව ගැන ඔයාලා මොකද හිතන්නේ? මේ කතාව මම ඉස්සරහට ලියනවා ද නැද්ද කියන එක තීරණය වෙන්නේ ඔයාලගේ අදහස් අනුව!

කියවලා ඉවර වෙලා කියන්න මොනාද ඔයාලට හිතුණේ, දැනුනේ කියලා.. කතාවේ හොඳ, නරක හැමදේම කියන්න මම පූර්ණ අයිතිය ඔයාලට දෙනවා. අනික නරකක් තියෙනවා නම් ප්ලීස් කියන්න එතකොට තමයි මට වැරදි හදාගෙන තව හොඳට ලියන්න පුළුවන්.. 😁

කියවපු හැමෝටම ගොඩාරියක් තෑන්ක්ස්!

avataravatar